සංචාරක වීසාගෙන ශ්‍රී ලංකාවේදී
කොන්ඩා කැපීම කුඹුරු කෙටීම සහ හිඟාකෑම
ඇත්තෙන්ම අප සිතා සිටියේ මෙරටට පැමිණෙන්නේ “සංචාරකයන්” පමණක් බවය. එහෙත් පසුගිය කාලයේ වාර්තා වූ සිද්ධීන් බොහෝමයක් ගැන කල්පනා කිරීමේදී ඒ වනාහි මෝඩ සිතුවිල්ලක් බව පෙනේ. පසුගිය කාලය පුරාම මෙරටට හිඟන්නන්, විදේශීය ගණිකාවන්, කුඹුරු වැඩ කරන්නන්, මංකොල්ලකාරයන් බුරුතු පිටින් පැමිණ තිබේ. ඇත්තෙන්ම අප ඔවුන් සංචාරකයන් හැටියට සිතා ස්‌වයං රැවටීමකට භාජන වීම පුදුමයක් නොවේ. ඊට හේතුව ඒ සියලු දෙනා පැමිණ තිබෙන්නේ “සංචාරක වීසා” රැගෙන වීම නිසාය. සුදුහම ඇති සහ කලුහම ඇති නීග්‍රෝ පෙනුම සහිත ඕනෑම නසරානියකු “සංචාරකයකු” හැටියට පිළිගෙන ප්‍රශ්න රාශියකට මුහුණ දෙන එකම රට ශ්‍රී ලංකාව දැයි කෙනකුට සිතීම අරුමයක් නොවේ.
පසුගිය සතියේ වාර්තා වූ ආකාරයට සංචාරක වීසා මත පැමිණ “වැරැදි වැඩකළ” විදේශිකයන් 402 ක් අල්ලාගෙන තිබිණි. මේ සංචාරක හොරු සියලුම දෙනා මෙරට නීති විරෝධීව රැඳී සිටිමින් විවිධ ආගම් ප්‍රචාරය කිරීම, විවිධ රැකියාවල හා ව්‍යාපාරවල මෙන්ම සමාජ විරෝධී ක්‍රියාවලද යෙදී සිටි අය බව කියෑවිණි. ඒ අනුව වීසා කාලය ඉක්‌ම වූ පසුවත් රැඳී සිටි 121 දෙනකුද, සංචාරක වීසා මත පැමිණ
රැකියාවල නිරතව සිටි 83 ක්‌ද, වීසා වැරැදි ලෙස භාවිත කළ 157 ක්‌ද, නීති විරෝධීව සංක්‍රමණය කළ 20 දෙනෙක්‌ද, සංචාරක විසා මතින් පැමිණ ආගමික ප්‍රචාරයේ යෙදුණු පස් දෙනකුද, අසත්‍ය තොරතුරු හා ලියකියවිලි ඉදිරිපත් කළ දෙදෙනෙක්‌ද, ප්‍රතික්‌ෂේප කළ සරණාගත වීසා මත රැඳී සිටි 11 ක්‌ද ඒ අතර වූ බව වාර්තා විය.
රටේ තරමට මෙය තරමක් බරපතළ කාරණයක් බව කිසිවෙකුටත් වැඩමුළු පවත්වා කියාදීමට අවශ්‍ය නැත. හාරසියයකට වැඩි සංඛ්‍යාවක් මෙරටට පැමිණ පිස්‌සු කෙළ යන්නේ අපේම රටේ සමහර පෝරිසාදයන් කරන වැරැදි වැඩවලට අමතරවය.
මේ කියන ගණන් හිලව් අදක ඊයෙක නොව 2010 හා 2013 වර්ෂවලද මේ ආකාරයෙන්ම දැක්‌වූ ඒවාය. එකී වර්ෂවල ආගමන විගමන නීති උල්ලංඝනය කළ විදේශිකයන් 496 ක් අත්අඩංගුවට ගෙන අසාධු ලේඛනගත කර රටින් පිටමං කිරීමට කටයුතු යොදා තිබිණි. එදා මෙදා තුර සංඛ්‍යාත්මක එහා මෙහා වීමක් මිස කතාන්දරය කොටස් වශයෙන් විකාශය වන බවක් පෙනෙන්නට තිබේ.
පසුගිය 2014 වර්ෂය එපිටින් වසර කිහිපයක් පුරා මෙරට ප්‍රසිද්ධව තිබුණෙත්, පාවිච්චි කර තිබුණෙත් සිංගප්පූරුව වැනි රටවල් හරහා මිනිසුන් යුරෝපයට හෝ වෙනත් “යැමට කැමැති” රටකට පැන්නවීමේ සංක්‍රමණික මෙහෙයුම් මධ්‍යස්‌ථානයක් ලෙසය. බොහෝ ආසියාතික රටවලින් පැමිණ එවැනි රටකට පැනීමට සිටින අය පැමිණියේද සංචාරක වීසා
රැගෙනය. මිනිස් ජාවාරම්කාර අපරාධකාරයන් ඒවාට අනුබල උපකාර ලබාදී තිබිණි. බොහෝ විට වැඩේ ගැස්‌සුන විට ඒ බොහෝමයක් දෙනා ශ්‍රී ලංකාවේ අම්බලන්ගත වී තිබිණි. එවැනි අසරණයන් ආගමන විගමන නිලධාරීන්ට අසුවන තෙක් නොවිඳිනා දුක් විඳිති.
එහෙත් නොපෙනෙන උවදුර එය නොවේ. ඒ බරපතළ තත්ත්වය අපි මීට පෙරද පෙන්වාදී ඇත්තෙමු. කාරණා කිහිපයකින් එය පැහැදිලි කර දෙන්නේ නැවත සිහිපත් කිරීමකටය.
2013 වර්ෂයේ එක් කන්නයක කල්මුණේ පිටිසරබද ගමකි. එහි යායට වැඩුණු ගොයම් කපමින් සිටි පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගත්හ. මේ ගොවි පිරිස ඉන්දියාවේ සිට සංචාරක වීසා මගින් පැමිණි පිරිසකි. ඔවුන්ට අමතරව තවත් බොහෝ පිරිසක් අම්පාර. මඩකලපුව, කල්මුණේ, හම්බන්තොට වැනි ප්‍රදේශවල “කුඹුරු වැඩ” කරන බවද වාර්තා විය.
එමෙන්ම එම කාලවකවානුවේම වාර්තා වූ මත්ද්‍රව්‍ය ජාවාරම්, ක්‍රෙඩිට් කාඩ් වංචා, ටෙලර් මැෂින් මුදල් වංචාවලට දිගින් දිගටම හසුවූයේ සංචාරක වීසා මගින් මෙරටට පැමිණි යුක්‌රේන් හා නයිජීරියානු ජාතිකයන්ය. මේ ආකාරයට පැමිණි නයිජීරියානුවන් පිරිසක් අපේ ව්‍යාපාරිකයන් පිරිසක් රවටා මිලියන ගණනින් මුදල් වංචාකර පැනගොස් තිබිණි. අපේ “ව්‍යාපාරික ඥනය” ඇති ව්‍යාපාරිකයන්ට නයිජීරියානුවන්ගේ බිස්‌නස්‌වල තරම රටින් පිටවන තුරුත් අසුව තිබුණේ නැත. එම නයිජීරියන් කම්බ හොරු පැමිණ තිබුණේද සංචාරක වීසා මගිනි.
පසුගිය කාලයේ චීනය සිට පැමිණ අපේ රටේ හිඟාකෑ පිරිසක් ගැනද වාර්තා වී තිබිණි. චීනය මේ රටේ බිලියන ගණනින් ආයෝජනයන් දියත් කරන විට හිඟන ව්‍යාපෘතියක් ඊධෂ අනුමැතියෙන් සිදු වන්නේ දැයි සිතා සමහර පිරිස් කටයුතු කරන බවත් පෙනේ. තායි, රුමේනියන්, උස්‌බෙකිස්‌තාන්, රුසියානු සහ චීනයේ සිට පැමිණ ලිsංගික ශ්‍රමය විකුණන සුර දූතියන් හවස් වරුවේ කොළඹ රවුමක් ගසන ඕනෑම කෙනකුට දැකගත හැකිය. ඔවුන්ට නිකුත් කර ඇත්තේaද “වෘත්තීය වීසා” නොවේ. සංචාරක වීසාය.
මෙහි බරපතළම තත්ත්වය සංචාරක වීසා රැගෙන පැමිණ මේ රටේ ආගම් ප්‍රචාරයේ නිරත වීමය. 2013 වර්ෂයේ මීගමුවේ සිංහල ජාතිකයකුට අයත් නිවසක දහදුක් විඳිමින් වේල දෙවේල නොකා ජීවත් වූ පිරිසක්‌ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීහු අත්අඩංගුවට ගත්හ. ඒ සියලු දෙනා පාකිස්‌තානයේ අහමදියා නම් මුස්‌ලිම් නිකායේ සාමාජිකයන්ය. එදවස බුද්ධි අංශ හෙළිදරව් කරගෙන තිබුණේ සමහර පිරිස් සංචාරක වීසා මගින් මෙරටට පැමිණ අන්තවාදී අන්‍යාගමික මතවාද පතුරුවන බවය. (පසුගිය සතියේද වාර්තා වී තිබුණු ආකාරයට සංචාරක වීසා මගින් පැමිණ ආගමික ප්‍රචාරණයේ යෙදුණු පස්‌දෙනකු හිඳ තිබිණි) මේ ඊයේ පෙරේදා ලැබුණු ආරංචිවලට අනුව විල්පත්තුවේ (අනවසර පදිංචි කිරීම්වල) හා වාලච්ෙච්න ප්‍රදේශයේ පදිංචි කළ සමහර පවුල්වල උදවිය කතා කරන භාෂාව කිසිවෙකුටත් නොතේරෙන එකකි. මුස්‌ලිම් හෝ දෙමළ ජනයා පවා එම භාෂාව නොදන්නා බව කියති.
ජාත්‍යන්තර සම්මතයට අනුව නීත්‍යනුකූල ක්‍රමයකට රටකට පැමිණීමට හෝ පිටවීමට ඇති අයිතියට අප කවරකු වුවද ගරු කළ යුතුය. එහෙත් “සංචාරක” නමට මුවා වී පැමිණෙන කම්බා හොරු සහ අන්තවාදීන් රටේ ආර්ථිකයටත්, ආරක්‌ෂාවටත් බරක් කරගත යුතු නැත.
ලෝකයේ සියලුම රටවල්වල ආගමන විගමන අංශවල නිලධාරීන්ට ලැබී ඇත්තේ පූර්ණ නීතිමය බලයකි. ඒ රටේ ආරක්‌ෂාවත්, පැවැත්මත් සම්බන්ධයෙන් ඔවුන් වෙත පැවරී ඇති බරපතළ වගකීම හේතුවෙනි. ඔවුනට එරෙහිව දේශපාලන බලපෑම් හෝ උසාවි මගින් හෝ නීතිමය ලෙස කෙරෙන අභියෝගයන්ද තහනම්ය.
ශ්‍රී ලංකාවේ නීතියද ඊට වෙනස් නොවේ. 1948 අංක 20 දරන ආගමන විගමන පනත යටතේ වගන්ති 57 ක් මගින් ආගමන විගමන නිලධාරියා වෙත පැවරෙන බලතල වෙනත් කිසිදු නිලයකට සාපේක්‍ෂ වන්නේ නැත. ආගමන විගමන නිලධාරියකු විසින් ගන්නා වූ ලබන තීරණ කිසිවෙකුටත් වෙනස් කළ නොහැක. ඒ අතර විදේශිකයකුට වීසා අවසර පත්‍ර නිකුත් කිරීම ප්‍රතික්‌ෂේප කිරීම, දින ගණන් සීමා කිරීම, රටින් බැහැර වීමට නියෝග කිරීම වැනි තීරණ වේ.
මෙතරම් නීතිමය වගකීමක් ඔහුට පැවරෙන්නේද රට වෙනුවෙන් නිර්බාධක ලෙස කටයුතු කිරීම උදෙසාය.
මේ සුවිසල් වගකීම් සහිත කාර්යභාරය සංචාරක වීසා මගින් පැමිණ අන්තවාදී අදහස් පතුරුවන ආරක්‌ෂාවට තර්ජනයක් වන රටේ ආර්ථීකයට බරක් වන ගණන් ඇතුව කියන “සංචාරක කල්ලතෝනින්” සඳහා වලංගු නොවූයේ ඇයිදැයි යන්න විමසා බැලිය යුත්තකි. අපට පෙනෙන හැටියට ප්‍රශ්නය වී තිබෙන්නේ සුදුහම ඇති ඕනෑම නසරානියෙකුට, ගෝත්‍රයකට, ජාවාරම්කරුවෙකුට ටුවරිස්‌ට් වීසා
රැගෙන පැමිණ ඕනෑම පිස්‌සුවක් නටා නැවත යැමට හැකි පරිදි “ක්‍රමය” සැකසී තිබීමය. රටට ඇතුළු වී ඕනෑම පාදඩ වැඩක් කර ආගමන විගමන නිලධාරීන්ගේ අතටම අසුවූ පසු රටින් පිටුවහල් කරන විට රටට වෙන්නට ඕනෑ හරිය සිදුවී අවසන්ව තිබිය හැක. ඊට පෙර “සංචාරකයන්” කවරෙක්‌ද යන්න ආගමන විගමන බලතල භාවිතා කර විධිමත්ව සොයා බැලීමේ ක්‍රමවේදයක් සැකසීම වුවමනාය.
උදේශ සංජීව ගමගේ