Spread the News

දෙමළ ජනතා සංසදයෙන් ෙෆඩරල් ඉල්ලා කෙටුම්පතක්‌

කීර්ති වර්ණකුලසූරිය
යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් උතුර නැගෙනහිරට ෙෆඩරල් පාලනයක්‌ අවශ්‍ය බව දැක්‌වෙන කෙටුම්පතක්‌ දෙමළ ජනතා සංසදය විසින් සකස්‌ කර ඇත.

උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් මෙහෙයවන මෙම දෙමළ ජනතා සංසදය පසුගිය 9 දා යාපනයේදී රැස්‌වී එහි කෙටුම්පත උතුරේ විද්වතුන් පිරිසක්‌ වෙත ඉදිරිපත් කර තිබේ. එම අවස්‌ථාවට හිටපු නීතිපති ශිවා පසුපතිද සහභාගි වී ඇත. මෙම කෙටුම්පතට ඇතුළත් කළ යුතු වෙනත් යෝජනා සහිත අවසාන කෙටුම්පත ලබන මාර්තු මස මුල් සතියේදී රජයට ඉදිරිපත් කෙරේ. දෙමළ ජනතා සංසදයේ මෙම කෙටුම්පත ගැන ද්‍රවිඩ සන්ධානය කිසිදු ප්‍රකාශයක්‌ කර නැත.