යාපනයේ ජනතාවට ඉඩම් බෙදා දෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියයි

Spread the News

වැඩක්‌ කරන විට විවේචන එල්ලවීම සාමාන්‍ය දෙයක්‌
උතුරේ ජනතාව ඉල්ලන්නේ
ඔවුන්ගේ ඉඩම්, ඒ යුතුකම අප ඉටුකළ යුතුයි
යාපනයේ ජනතාවට ඉඩම් බෙදා දෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියයි

උතුරේ ඉඩම් අවතැන් ජනතාවට භාරදෙන විට දකුණේ සුළු පිරිසක්‌ රජයට විවේචන එල්ල කරනවා. ඕනෑම වැඩක්‌ කරන විට විවේචනය කරන මිනිසුන් සිටීම සාමාන්‍ය දෙයක්‌. උතුරේ අවතැන් කඳවුරුවල සිටින අසරණ ජනතාවගේ දුක සැප ඇවිත් බලලම මේ විවේචනය කරනවා නම් තමා ඊට කැමති යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

යාපනයේ ජනතාවට පසුගිය 12 දා ඉඩම් බෙදා දීමේ උත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා එසේ කීය.

තවදුරටත් කතා කළ ජනාධිපතිවරයා මෙසේ ද කීය.

උතුරු ප්‍රදේශයේ යුද්ධයෙන් අවතැන් වුණු ජනතාවට නිවාස 65,000 ක්‌ ඉදිකර දීමේ ව්‍යාපෘතියට අදාළ ආදර්ශ නිවාස දැක බලා ගැනීමත් මුල් ඉඩම් වල හිමිකම ලබාදීමත් යන කාරණා මුල් කර ගනිමින් කන්කසන්තුරේ ප්‍රදේශයට පැමිණි මේ අවස්‌ථාවේ ඔබ සමඟ එක්‌වීමට ලැබීම පිළිබඳව ඉතා සතුටට පත්වෙනවා.

මම පසුගිය මාසයේ යාපනයේ පැවැති බාලදක්‌ෂ ජම්බෝරියටත් සහභාගි වුණා. ඒ අවස්‌ථාවේ දකුණේ වගේම උතුරේ දරුවන් ඉතාමත් සතුටින් කටයුතු කළ හැටි මම දැක්‌කා.

උතුරේ ජීවත්වන තමුන්නාන්සේලා ගත කරන්නේ ඉතාමත් කටුක ජීවිතයක්‌. ඒවගේම මේ ප්‍රදේශයේ තිබෙන්නේ ඉතා වියළි දේශගුණික තත්ත්වයක්‌. ඒත් මේ ප්‍රදේශවල ජනතාව දුක්‌ මහන්සිවෙලා තමන්ගේ වගා කටයුතු ඉතාමත් සාර්ථක ලෙස කර ගෙන යනවා.

අපේ රටේ පළාත් නවයක්‌ තිබෙන බව ඔබ දන්නවා. මේ පළාත් නවයම එක වගේ සංවර්ධනයකට ලක්‌ විය යුතුයි. අවුරුදු 26 කට වැඩිය තිබුණු යුද්ධය නිසා නැගෙනහිර සහ උතුරු පළාත් වල සංවර්ධනය අඩාල වුණා. මේ ප්‍රදේශවල ජනජීවිතය කඩාවැටුණා. දුප්පත්කම වැඩි වුණා. ඒවගේම යුද්ධය නිසා උතුරේ වගේම දකුණේ සියලු ප්‍රදේශවල ජනතාවගේ ජීවිත අහිමි වුණා. යුද්ධය පැවති මෙම ප්‍රදේශවල ජීවත්වුණු ඔබට එහි කටුක බව අසීරු බව තවමත් මතකයේ ඇති. ඒවගේමයි දකුණේ පළාත්වල ජනතාවටත්. ඔවුන්ටත් මේ යුද්ධයේ කටුක අමිහිරි අත්දැකීම් රාශියක්‌ තිබෙනවා.

නව රජය විදියට අපේ අපේක්‌ෂාව වන්නේ මේ සියලු පළාත්වල ජනතාවට එකවගේ සේවය කිරීමයි. එහිදී යුද්ධය පැවති ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්නවලටත් ප්‍රමුඛත්වයක්‌ දී කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. ඒ අනික්‌ ප්‍රදේශවල ජනතාවට වඩා මේ ප්‍රදේශවල ජනතාවට දැඩි පීඩනයකට සහ ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදුවුණු නිසයි.

අවතැන් වුණු ජනතාවට අවශ්‍ය නිවාස 65000 ක්‌ ඉදිකර දීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කරන බව ඔබ දන්නවා. මම තෙලිප්පලේ ප්‍රදේශයට පැමිණියේ මේ ආදර්ශ නිවාස ගැන සොයා බලන්න. මේ නිවාස ආකෘතිය සහ ඉදිකිරීම් පිළිබඳව මහ ඇමති විග්නේෂ්වරන් මහතා එතුමාගේ අදහස්‌ ඉදිරිපත් කළා. ඒවගේම ස්‌වාමිනාදන් ඇමතිතුමා එතුමාගේ අදහස්‌ ඉදිරිපත් කළා. මේ සඳහා විවාදයක්‌ අවශ්‍ය නැහැ කියලයි මම හිතන්නේ.

මේ ගෙවල් සෑදීමේදී ජනතාවගේ අවශ්‍යතාවය කුමක්‌ද කියලා අපි සොයා බලන්න ඕනෑ. ජනතාවගේ මත විමසලා ඔවුන්ගේ කැමැත්තට අනුව මේ නිවාස ඉදි කළ යුතුයි. ඒ නිසා අපි තුන් හතරදෙනා, පළාත් සභාව, ආණ්‌ඩුව වගේම මේ සෑම කෙනෙක්‌ම එකතු වෙලා මේ ජනතාව අපේක්‌ෂා කරන ආකාරයේ නිවසක්‌ සාදා දෙන්න කටයුතු කරන්න ඕනෑ. ඒ නිසා අපි ඉදිරි දිනවලදී ඒ ගැන සාකච්ඡා කරලා ජනතාවගේ අදහස්‌ ගැන සොයලා බලලා තීරණයකට එළඹෙනවා.

මම නිවාස නැරඹීමට ගිය අවස්‌ථාවේ ජනතාව විශාල පිරිසක්‌ මට හමු වුණා. ඔවුන් ඉතා අසරණ තත්ත්වයකට පත්වී සිටින ජනතාවක්‌ වගේම ඔවුන්ට ප්‍රශ්න රාශියක්‌ තිබෙන බව මට පෙනී ගියා. ඒ අය කිව්වේ අපට අපේ ඉඩම් දෙන්න කියලා. අපි එකක්‌ මතකයේ තබා ගන්න ඕනෑ. ඒ අය ඉල්ලන්නේ අනුන්ගේ දෙයක්‌ නොවෙයි. ඒ අය අපෙන් ඉල්ලන්නේ ඒ අයගේ ඉඩම් ලබාදෙන්න කියලයි. ඒ නිසා අපි ඒ යුතුකම ඉටු කළ යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ. අපි පසුගිය මාස කිහිපය තුළ ඉඩම් ලබා දුන්නා. ඉදිරි මාස කිහිපය තුළ අපි කෙසේ හෝ මේ කටයුත්ත අවසන් කළ යුතුයි.

පසුගිය දෙසැම්බර් මාසේ නත්තල් උත්සව අවස්‌ථාවේ යාපනයට පැමිණි අවස්‌ථාවේ මම කිව්වා අවතැන් වූ කඳවුරු වල ඉන්න ජනතාවට මාස 06 ක්‌ ඇතුළත ඒ කියන්නේ 2016 ජූනි මාසේ වන විට ඉඩම් පෙන්වීම් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. දැන් මේ අවුරුද්දෙත් මාස 03 ක්‌ ගෙවෙමින් පවතිනවා. ඒ බලාපොරොත්තුව ඉටු කරන්න තව තිබෙන්නේ මාස තුන හතරක්‌ කාලයක්‌ පමණයි. ඒ කාලය තුළ මේ කාර්යය අපි කළ යුතුයි. ඒ සඳහා සියලුම අංශ වල සහයෝගය මම බලාපාරොත්තු වෙනවා.

දැන් මේ වසරේත් මාස 3 ක්‌ ගතවී අවසන් ඒ පොරොන්දුව ඉෂ්ට කිරීමට ඉතිරිව ඇත්තේ තව මාස කිහිපයක්‌ පමණයි. අපි කෙසේ හෝ ඒ කාර්යයන් ඉටුකළ යුතුයි. ඒ ස`දහා සියලුම අංශවල සහයෝගය මම කාරුණිකව බලාපොරොත්තු වෙනවා.

ඉඩම් නැවත භාරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක්‌ ලෙස අප සලකනවා. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්‌තුමා ලංකාවට ආ විට එතුමා මා සමග සාකච්ඡා කළ බව ඔබ දන්නවා. එතුමා මගෙන් කළ පළමු ඉල්ලීම වූයේ අවතැන් කඳවුරු වල සිටින ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය විසඳන්න කියලා.

නමුත් උතුරේ ඉඩම් අවතැන් ජනතාවට බාරදෙන විට දකුණේ සුqළු පිරිසක්‌ රජයට විෙච්චන එල්ල කරනවා. ඕනෑම වැඩක්‌ කරනවිට විවේචනය කරන මිනිසුන් සිටීම සාමාන්‍ය දෙයක්‌. උතුරේ අවතැන් කඳවුරු වල සිටින අසරණ ජනතාවගේ දුක සැප ඇවිත් බලන්න කියල විවේචනය කරන සෑම කෙනෙකුටම මම කියන්නට කැමතියි.

අපි ජාතික සංහිඳියාව පිළිබ`දව නිතර නිතර කතා කරනවා. එහෙත් සියලු ආයතන සංහිඳියාව ශක්‌තිමත් කරන්න පැමිණෙන්නේ උතුරටයි. මම හිතනවා එතන පුංචි වැරදීමක්‌ සිදුව ඇති බව. සංහිඳියාවේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු වෙන්නේ දකුණේ ජනතාවටයි කියන එක මා විශ්වාස කරනවා. නමුත් දකුණේ ජනතාව තුළ අන්තවාදී අදහස්‌ ඇතිකරන පිරිස්‌ නිසා සංහිඳියා ගමනට බාධා පැමිණෙනවා.

අපි සමානාත්මතා සමාජයක්‌ පිළිබඳ නිතර කතා කරනවා. සෑම කෙනෙක්‌ම එක වගේ ජීවත්විය යුතුයි කියලා කතා කරනවා. එහෙමනම් සෑම කෙනෙකුටම එක වගේ සිය අයිතිවාසිකම් භුක්‌ති වි`දින්න ඉඩ දිය යුතුයි නේද.

ඒ නිසා මේ රටේ සමස්‌ත ජනතාවට සමානාත්මතාවයෙන් එකවගේ ජීවත්වීමට සමාජයක්‌ බිහිකරන්න අපි එකට එකතුවෙලා කටයුතු කරමු කියලා මම බොහොම ගෞරවයෙන් සියලු දෙනාගෙන් ඉල්ලීමක්‌ කරනවා .

විවේචනය කරන්න, විරෝධය පෑමට ඕනෑම කෙනෙකුට පුලුවන්. නමුත් තමන්ගෙන් විය යුතු යුතුකම් හා වගකීම් පිළිබඳව සෑම කෙනෙකුටම අවබෝධයක්‌ තියෙන්නට ඕනෑ. අපි අපේ වගකීම් හා යුතුකම් මිනිසුන් වෙනුවෙන් ඉටුකළ යුතුයි. යුතුකම් ඉටුකිරීමේදී උතුරේ ද සහ දකුණේ ද කියා බෙදීමක්‌ අවශ්‍ය නැහැ. සමස්‌ත රටටම එය සිදුවිය යුතුයි. සමස්‌ත ලෝකයටම එය ඉටුවිය යුතුයි.

ඒ නිසා ම සතුටුවෙනවා ඔබ වැනි පිරිසකට ඉඩම් අක්‌කර 700 කට වැඩි ප්‍රමාණයක්‌ බාරදීමට පු`එවන් වීම ගැන. ඔබට තිබෙන අනෙකුත් ප්‍රශ්නත් පියවරෙන් පියවරට විසඳීමට අප කටයුතු කරනවා. අපි රජය විදියට උතුරේ ජනතාවට අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා. උතුරේ සිටින පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ටත් පළාත් සභාෙවි මැති ඇමතිවරුන්ටත් අවශ්‍ය සහයෝගය අපි ලබාදෙනවා.

සමස්‌ත රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්ගෙන් මම ඉල්ලා සිටිනවා මේ කටයුතු අපි ඉතාම කාර්යක්‌ෂමට ඉටු කරමුයි කියා. ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරම් මහතා කළ කතාෙවිදී පැවසූ කරුණු ද මා සිතට ගත්තා. තමුන්නාන්සේලා සියලු දෙනාගේම අදහස්‌ මම මගේ සිතට ගන්නවා. ඒ සියලු අදහස්‌ ගෙන වඩා යහපත් දේ අපි ක්‍රියාවට නංවනවා. ඔබ සියලු දෙනාට දෙවි පිහිට පතමින් ඔබෙන් සමුගන්නවා.