[youtube https://www.youtube.com/watch?v=E6FVaqofHO0&w=560&h=315]
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අද (22) ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඓතිහාසික තිරුමාලා කඳුවැටියේ පිහිටි තිරුපති හෙවත් වෙන්කතේශ්වර කෝවිලේ වතාවත් සඳහා සහභාගී වූහ.
තිමාලා තිරුපති දේවස්ථානයේ පාලක මණ්ඩලයේ සභාපති ක්‍රිෂ්ණමූර්ති සහ විධායක නිලධාරී සඹසිවා රාඕ ඇතුළු පිරිස විසින් ඔවුහු පිළිගනු ලැබූහ.
මේ දෙපළ විනාඩි විස්සක් පමණ ආගමික වතාවත්වල නිරත වූ බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි.
රෙනිගුන්ටා ගුවන් තොටුපොළ ඔස්සේ විශේෂ ගුවන් යානයකින් වික්‍රමසිංහ මහතා තිරුපති වෙත ගොස් ඇත.
[youtube https://www.youtube.com/watch?v=jNlEeqc5ltY&w=560&h=315]
[youtube https://www.youtube.com/watch?v=KO7FhfK8psk&w=560&h=315]