Spread the News

බර්ලින් ප්‍රහාරයේ සැකකරු හඳුනාගනී

ජර්මනියේ බර්ලින් නුවරට එල්ලවූ ප්‍රහාරයේ සැකකරු ලෙස 24 හැවිරිදි ටියුනීසියා ජාතිකයකු හඳුනාගෙන ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ඔහු ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක සාමාජිකයකු බවත් සැක කරයි. පසුගියදා බර්ලින් නුවර නත්තල් වෙළඳපොළකට කඩාවැදුණු ලොරියක් එහි සිටි 12 දෙනකුට ජීවිත අහිමි කළ අතර තවත් පිරිසක් තුවාල ලැබූහ.

එම ප්‍රහාරය සිදුවූ දිනම සැකකරුවකු ලෙස පාකිස්තාන ජාතිකයකු අත්අඩංගුවට ගත්තද පසුව ඔහු සැකකරු නොවන බව හඳුනාගැනිණි

ඕස්ට්‍රේලියාව ත්‍රස්ත ප්‍රහාරයක් වළක්වයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඉලක්ක කරගෙන එළැඹෙන නත්තල් දිනය දා එල්ල කිරීමට සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් ඕස්ට්‍රේලියා පොලිසිය මැදිහත්ව වළක්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙල්බන් හි ෆ්ලින්ඩර්ස් වීදියේ දුම්රියපොළ, ෆෙඩරේෂන් චතුරස්‍රය සහ ශාන්ත පෝල් දෙව් මැදුර යන ස්ථාන ත්‍රස්ත ඉලක්ක වී තිබී ඇත.

උතුරු මෙල්බන්හි නිවාස පරීක්ෂාවකදී හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති ඕස්ට්‍රේලියා පොලිසිය ත්‍රස්ත ප්‍රහාරයක සැලසුම් අනාවරණය කරගෙන ඇතැයි වාර්තාවේ.

source: Lankadeepa