බස්‌වලට බෝම්බ තැබූ කොටින් ෂේප් කරන තුරුම්පු වැටෙයි

Spread the News

කීර්ති වර්ණකුලසූරිය

ගුවන්යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කළ සහ මගී බස්‌ රථ ක්‌ලේමෝ බෝම්බ තබා පුපුරුවා හැරීම ඇතුළු යුද අපරාධ රැසක්‌ සිදු කළ හිටපු කොටි ක්‍රියාකාරීන් 132 ක පිරිස දේශපාලන සිරකරුවන් ලෙස නම් කරන ලෙසත් යාපනයේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසෙන් වෙත හදිසි සංදේශයක්‌ යවමින් ඉල්ලා ඇත.

මෙම සංදේශයෙන් දක්‌වා ඇත්තේ ස්‌වයං පාලනය ඉල්ලා සටන් කළ පිරිසක්‌ සහ රජය අතර ඇති වූ ගැටුමින් පසු අත්අඩංගුවට ගත් එම හිටපු කොටි කණ්‌ඩායමට දේශපාලන හිමිකම් ඇති බවයි.

මෙම සිසුන් මානව හිමිකම් කොමසාරිස්‌ට යෑවූ ලිපිය පිළිබඳව යාපනයේ ඇමරිකානු මධ්‍යස්‌ථානයද තැති ගෙන ඇත.

යාපනය විශ්වවිද්‍යාල සිසුන් මෙම ලිපිය මානව හිමිකම් කොමසාරිස්‌ට යවා ඇත්තේ එම කොටි ක්‍රියාකාරීන් 132 ක පිරිස යුද අපරාධ චෝදනාවලින් බේරා ගැනීමට බව වාර්තා වෙයි.