අර්ජුන මහේන්ද්‍රන් වගකීම බාරගෙන නිර්දේශ කළේ අගමැතියි-මේ රටේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ ගමේ ඉන්න පුංචි මිනිස්සුන්ට විතරද

Spread the News

අර්ජුන මහේන්ද්‍රන් වගකීම බාරගෙන නිර්දේශ කළේ අගමැතියි.. අද නිතිය භාර අගමැතිට තම මිතුරා ලංකාවට ගෙන්නා නීතිය කරන්න අවස්ථාව..
Posted on February 28th, 2018

 Source; lanka C news

පසුගිය කාලය පුරාම සාමාන්‍ය මහා ජනතාව අතර අල්ලසට දුෂණයට විරුද්ධව ලොකු හඩක් රට පුරා තිබුණු බවත් එය මැතිවරණයේදී ජනතාව විසින් ඔප්පු කල බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ලේ පවතී ජන හමුවක් අමතමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ගුණරත්න මහතා කියාසිටියේ පසුගිය පළාත් පාලන මැතිවරණය මේ ආණ්ඩුවට විරුද්ධව ලැබුණු ජනමතයක් විදියටයි අපිට තේරුම් ගන්න සිදුවන්නේ,එහිදී බහුතර ජනතාව අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව යන ගමන වැරදි බව තීරණය කරලා තියනවා

යහපාලන ආණ්ඩුවට මිනිස්සු ඡන්දය දුන්නේ අල්ලස්,වංචාව,හොරකම,දුෂණය තුරන් කරන්න.නමුත් මේ ආණ්ඩුවෙන් ඒ ජනතාව වෙනුවෙන් සාධාරණය කලේ නැහැ.ඒ වෙනුවට අලුත් විදියකින් හොරකම,වංචාව නීතිගත වුන එකයි වුනේ.අපි එදත් හොරකමට විරුද්ධව සටන් කළා,අදත් ඒ සටන කරනවා” ඒ මහතා පැවසිය.

අර්ජුන මහේන්ද්‍රන් වගකීම බාරගෙන නිර්දේශ කළේ අගමැතියි.. අද නිතිය භාර අගමැතිට තම මිතුරා ලංකාවට ගෙන්නා නීතිය කරන්න අවස්ථාව..

තව දුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරයා,

අද බලන්න මේ ආණ්ඩුව කැබිනට් සංශෝධනයක් ගෙනාවා,එක ගෙනත් අවුලක් වෙනුවට අවුල් ජාලයක් නිර්මාණය කළා, අද ඇමතිවරු කියනවා මට එපා මේ ඇමතිකම, මට ඕනේ අර ඇමතිකම කියල.මේ මොන ආණ්ඩු කිරීමක්ද, ඉතිහාසයේ කවද්ද මෙහෙම ආණ්ඩු කෙරුවේ

ජනතාව මහා බැංකු වංචාවට විරුද්ධව ලොකු හඩක් නැගුවා, මේ රටේ සිවිල් සංවිධාන, විද්වතුන් හා නිදහස් මත දරන පුරවැසියෝ මාධ්‍යවේදීන් සියලු දෙනා කිව්වා ලංකා ඉතිහාසයේ වෙච්ච ලොකුම හොරකම මහා බැංකු වංචාවට දඩුවම් දෙන්න කියල.මේ සම්බන්දයෙන් ජනාධිපති කොමිෂම වැරදි කරුවන් පෙන්වා දුන්නා, නමුත් අද මහා බැංකු වංචාවේ මහමොලකරුවන්ට නිතිය භාරදීලා දැන් හොරු අල්ලන්න කමිටු පත්කරනවා.ගමේ මිනිහෙක් පොල් ගෙඩියක් අඹ ගෙඩියක් කැඩුවට දඩ ගහනවා, හිරේ දානවා.කොන්ඩ කටුවකින් සීගිරියේ චිත්‍රයක් හුරපු ළමයට සිර දඩුවම් දුන්නා.එහෙම රටේ මහා බැංකුව කඩපු මිනිසුන්ට දඩුවමක් නැහැ

අර්ජුන මහේන්ද්‍රන්ට රටෙන් පැනල යන්න ඉඩ දුන්නා, අද ඔහු සිංගප්පුරුවෙත් නෑ කියනවා.අධිකරණය යවපු සිතාසිය අයෙ හරවල එවනවා.මේ රටේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ ගමේ ඉන්න පුංචි මිනිස්සුන්ට විතරද කියන ප්‍රශ්නය දැන් හැම කෙනෙක්ම අහන ප්‍රශ්නයක් බවට පත්වෙලා

අගමැතිවරයාට මේ බැදුම්කර වංචාවේ ප්‍රධාන චෝදනාවක් එල්ල වුනා.ඔහු තමයි අර්ජුන මහේන්ද්‍රන් මහා බැංකු අධිපති විදියට පත් කරන්න කියලා නිර්දේශ කළේ.අද නිතිය භාර ඇමති අගමැතිවරයා දැන් ඔහුට පුළුවන් වෙන්න ඕනේ තමාගේ මිත්‍රයා ලංකාවට ගෙන්නලා නිතිය ඉදිරියට යොමු කරන්න.නමුත් අපි විශ්වාස කරන්නැහැ එක එහෙම වෙයි කියලා

ජනාධිපති තුමාටත් අපි කියන්න ඕනේ ජනතාව පසුගිය මැතිවරණයේදී ලැබුණු ජනවරමට අනුව අපිට පෙන්නේ ජනතාව කිව්වේ අගමැති මහබැංකු වංචාව සම්බන්දයෙන් චෝදනාවට ලක්වෙලා ඔහු ඉවත් කරන්න කියලා, නමුත් අද ඔහුට පොලිසිය භාරදීලා ජනතාවගේ විශ්වාසය නැති කෙනෙක්ට පොලිසිය භාර දීම අපිට අනුමත කරන්න බැහැ.මේ වෙන දේවල් වල හැටියට යහපාලනය ගෙනත් ජනතාව මේ රටේ පුරවැසියෝ බලාපොරොත්තු වුන අපමණ අගය මේ රටට හා ජනතාවට දෙන්න පුළුවන් කියල අපි හිතන්නැහැ”

– කේ.ටී.දර්ශන