Spread the News

අද ඉතිහාසයේ මහා පාවාදීමේ දිනයයි.. හේතුව මෙන්න..- මහින්ද විශේෂ හෙළිදරවුවක..
Posted on March 2nd, 2018

Source: lanka C news

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අතුරුදහන් වූවන් සෙවීමේ කාර්යාලය සදහා පත් කර ඇති කොමසාරිස්වරුන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැඩි විරෝධය පල කරයි.

හමුදාව යුද අපරාධ කලේ යයි දැනටමත් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කල අය හා එක්සත් ජාතික පක්‍ෂ ක‍්‍රියාකාරීන් පිරිසක් ඒ සදහා පත් කර තිබීමෙන්ම පෙනී යන්නේ හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් යයිද ඔහු පවසයි.

මාර්තු 02 වැනිදාවක 1818 මහා පාවාදීම සිදු වූ බවත් අද දිනයේද මාර්තු 02 වැනිදා එවන් මහා පාවාදීමක් සිදු කර ඇතැයිද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් සදහන් කරයි.

[youtube https://www.youtube.com/watch?v=xU9jK_AaOtg&w=560&h=315]

 

 

[googleapps domain=”docs” dir=”forms/d/e/1FAIpQLSecxCUGUxDarmRf8JAM0LFzZcqdsZ1PZJODPKHS0a7TAPoO0A/viewform” query=”embedded=true” width=”760″ height=”500″ /]