ගැටුම්කාරී වාතාවරණයෙන් ආණ්ඩුව වාසි ගන්නවා – ගම්මන්පිල

Spread the News

ගැටුම්කාරී වාතාවරණයෙන් ආණ්ඩුව වාසි ගන්නවා – ගම්මන්පිල


විනීතා එම් ගමගේ

ආණ්ඩුව පවතින ගැටුම්කාරි වාතාවරණයේ වාසිය ලබා ගෙන තමන්ට එරෙහිව ඇති ජනතා අප‍්‍රසාදය අමතක කරවීම සඳහා කටයුතු කරමින් ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.

ඉකුත් සතිය වනතුරුත් අගමැති ඉවත් කිරීම, මහබැංකු මංකොල්ලයේ මහ මොළකරු රටට ගෙන ඒම වැනි රටට බලපාන ප‍්‍රශ්න ගැන ජනතා අවධානය යොමු වී තිබුණත් මේ සිද්ධිය සමඟ එක්සත් ජාතික පක්ෂයට හා ආණ්ඩුවට එල්ල වී තිබු අප‍්‍රසාදය ඉවත් වීමේ සහනය ඔවුන් ලබන්නේ යැයි ද ගම්මන්පිල මහතා කීය.

මෙම ගැටුමට මුල් වූ හේතු මෙන්ම 24 දෙනා අත් අඩංගුවට ගැනීම ඇතුළු සියලූ කරුණු පිළිබ`දව තොරතුරු සොයා බැලිම සඳහා වන ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ දී අද (07) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද පැවැසිය.

රට අතිශයින් බැ?රුම් තීරණාත්මක සන්ධිස්ථානයක පවතින මොහොතක්. මේ ජාතිවාදි ගැටුම් වහා  නැවතුනේ නැත්නම් රට යළි ගොඩ ගත නොහැකි ආගාධයකට තල්ලූ වෙනවා.
ගැටුම්වල නියුතු සියලූ පාර්ශවවලින් විශේෂයෙන් සිංහළයන් වෙනුවෙන් හ`ඩ නැගූ සිංහල මන්ත‍්‍රී කෙනෙක් ලෙස මා ඉල්ලා සිටින්නේ වහා සමථයකට එන ලෙසයි.

විපතට පත් අයට අපේ සාතිශය සංවේගය පළ කරන අතර ඔවුන්ට උපකාර කරන්නැයි ජනතාව ගෙන් ඉල්ලා සිටිනවා. සිංහල තරුණයෙක් මරා දැමීම නිසා මේ ගැටුම ඇති වෙලා කියා කිව්වත් එය නොවෙයි මේ සිදුවෙලා තියෙන්නේ.

කුමාරසිංහගේ මරණයට අදාල සැකකරුවන් අත් අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කරන්න පොලිසිය කටයුතු කළා. නීතිය නිසිලෙස ඉටුවන බව දැන ජනතාව නිහ`ඩව සිටියා. නමුත් මරණය සිදුවූ ප‍්‍රදේශයේ කඩ කාමර පහක් ගිනි ගත්තා. ගිනි තිබ්බද ගිනි ගත්තද තවම දන්නේ නැහැ. ඒ අතරේ එතෙක් නීතියට අනුව වැඩ කළ පොලිසිය මළ ගෙදර ආ බස්රථයක සිටි 24 දෙනෙක් අත් අඩංගුවට ගත්තා.

මේ අහේතුක අත්අඩංගුවට ගැනීමෙන් ජනතාව කුපිත වී ඇති බව දිලූම් අමුණුගම මන්ත‍්‍රීවරයා පොලිස්පතිවරයාටත් නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් දැනුම් දුන්නාම මන්ත‍්‍රීතුමා කළබල නොවී ඉන්න කියා පොලිස්පතිතුමා ඉතා උද්ධච්ච ස්වරූපයෙන් කියා තිබෙනවා.

එදා තමයි කළබල ඇති වෙලා තියෙන්නේ. නීතිය නිසි ලෙස ඉටු වී නැතැයි දැනුනොත් තමයි ජනතාව නීතිය අතට ගන්නේ. මේක ලොව පුරා ඇත්තක්. එහෙම සිද්ධි අපි දැක්කා. පොලිස්පතිතුමා කිව්වේ ඔහු නීතිය නවනවා කියලයි. මේ හරහා නීතිය ක‍්‍රියාත්මක වීම පිළිබඳ ජනතාවට ඇතිවුණ සැකය තමයි මේ ගැටුමට අවශ්‍ය පළමුවැනි ගිනිපුඟුව බිහිකළේ යැයි ද මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.