Spread the News

දිවයින:   ඒ. ඡේ. ඒ. අබේනායක 

kancuiගංජා කිලෝ පහයි ග්‍රෑම් 300 ක ප්‍රමාණයක්‌ ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන අධිචෝදනා දෙකට වරද පිළිගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි සාමාජිකයකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (23 දා) බරපතළ වැඩසහිත වසර හයක සිරදඬුවම් නියම කළේය.

2013 සැප්තැම්බර් 18 වැනිදා මාලිගාවත්ත ප්‍රදේශයේදී එම ගංජා තොගය සමඟ එම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

එම නඩුව ඊයේ (23 දා) කැඳවූ අවස්‌ථාවේදී විත්තිකාර කංජිපානි ඉම්රාන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්‌ෂ්මන් පෙරේරා මහතා කරුණු දක්‌වමින් එකී අධිචෝදනා දෙකටම සිය සේවාදායකයා වරද පිළිගැනීමට සූදානම් බව අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව එක්‌ අධිචෝදනාවකට වසර තුන බැගින් එනම් බරපතළ වැඩ සහිත වසර හයක සිරදඬුවමක්‌ නියම කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුව විශේෂ ආරක්‌ෂාවක්‌ යටතේ වැලිකඩ බන්ධනාගාරයට භාරදීමට පියවර ගන්නා ලෙසට පොලිස්‌ මුරපළේ ස්‌ථානාධිපතිවරයාට නියෝග කළේය.

රජයේ අධිනීතිඥ නලින් හේවාවසම් මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්‌ෂ්මන් පෙරේරා මහතා විත්තිය නියෝජනය කළේය.