Spread the News

ඇමරිකානු සෙබළුන්ට එල්ල වූ යුද අපරාධ චෝදනා ගැන පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර අධිකරණයට ඉඩ නොදුන් ඇමරිකානු රජය සිය තානාපතිනිය ලවා හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට යුද අපරාධ චෝදනා එල්ල කිරීම ඇමරිකාවේ දෙබිඩි පිළිවෙත පෙන්නුම් කිරීමක්‌ යෑයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ මාධ්‍ය ප්‍රකාශක රංජිත් සොයිසා මහතා නිවේදනයක්‌ ප්‍රකාශයට පත්කරමින් කියා සිටියි.

මෙරට ඇමෙරිකානු තානාපති ඇලෙයිනා ටෙප්ලිට්‌ස්‌ හමුදාපති පත්කිරීම ගැන මැදිහත්ව හෙළාදකින අතර ශ්‍රී ලංකා හමුදාව සටන් වැදුණේ බිහිසුණු ත්‍රස්‌තවාදීන් පිරිසකට එරෙහිව බව ද සඳහන් කරයි.

හමුදාපති වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් ප්‍රමුඛ ගෝලීය ශ්‍රී ලංකා සංසදය නොසැලී එක්‌වන්නෙමු යෑයි තවදුරටත් පවසන ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඇµaගනිස්‌තානයේ සිදුකළ යුද අපරාධ ගැන සිහිපත් කළ යුතු බව ද හෙතෙම දන්වා ඇත.