අතවර සිද්ධියක් ගැන අවන්ති දේවී ළමා නිවාසයේ දැරියන් තිදෙනකුගෙන් පැමිණිල්ලක් – සිද්ධිය ඇත්තදැයි පොලිසිය සොයයි

Spread the News

Divaina:

recordingප‍්‍රතිකාර ලබා ගැනීම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ගිය අවස්ථාවේදී අවන්ති දේවී ළමා නිවාසයේ හිටපු පාලිකාවක් රෝහලට පැමිණ බනිස් ගෙඩියක් කෑමට ලබා දුන් පසු මිතුරියක් සිහි නැතිවූ බවත්, පසුව එම මිතුරියට මාමලා දෙදෙනකු අතවර කළ බවත් කියමින් එම නිවාසයේ දැරියන් තිදෙනකු පැමිණ ඊයේ (24දා) අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් වහා ක‍්‍රියාත්මක වූ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පරීක්ෂණයක් අරඹා ඇතත් ඔවුන්ගේ ප‍්‍රකාශ හා සිදුවීම පිළිගත නොහැකි නිර්මාණයක් බවට සැක මතුව තිබෙනා බව පවසයි.

කිසියම් පිරිසක් අපහසුතාවයට පත්කිරීමට හෝ කිසියම් පිරිසක් නිර්දෝෂී කිරීමේ අරමුණින් අදාළ පැමිණිල්ල නිර්මාණය වී ඇති බවට පොලිසියට සැක මතුව තිබේ. අදාළ දැරියන් තිදෙනා අනුරාධපුර පොලිස් ස්ථානයට පැමිණ මිනිත්තු කිහිපයක් ගත වනවාත් සමග ළමා නිවාසයේ පාලිකාව පැමිණ දැරියන් තිදෙනකු නිවාසයෙන් පලාගොස් ඇති බව කියමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

දැරියන් තිදෙනා ඊයේ (24දා) දිනයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවති සායනයකට ගොස් ඇති අතර එහිදී හිටපු පාලිකාවක් පැමිණ එක් දැරියකට බනිස් ගෙඩියක්, බීම එකක් හා ටොෆියක් ලබාදුන් බවත් ඒවා ආහාරයට ගෙන ස්වල්ප මොහොතකින් ඇය සිහි නැතිවූ බවත් ඔවුන් පොලිසියට පවසා තිබුණි.

පසුව මාමලා දෙදෙනකු පැමිණ වතුර මුහුණට ඉසීමෙන් පසුව මිතුරියට සිහිය පැමිණි බව අනෙක් දැරියන් පොලිසියට පවසා තිබුණි. මාමලා දෙදෙනා වෙළෙ`දසලකට රැුගෙන ගොස් අනවශ්‍ය දේවල් විමසා සිරුර ස්පර්ශකර තමන්ට අතවර සිදුකළ බව සිද්ධියට මුහුණපෑ බව කියන දැරිය පොලිසියට පවසා තිබුණි. දැරියන්ගේ ප‍්‍රකාශවලට අනුව අතවරයට පත්වූ දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. එම්. සංජීව මහානාම මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා යමුනා කාන්ති මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරති.

මිහින්තලේ – රංග චතූ