යහපාලකයන් ගෙදර යන්න කලින් පාස්කු ප්‍රහාරේ තිබු බොහෝ සාක්ෂි විනාශ කරලා, ඒ නිසා තඹ සේවකයින්ටත් ඇප දෙන්න උනා,එත් අපි ඉන්නේ ඇහැ ගහගන – නීතිපති දෙපාර්තමේන්තුව

Spread the News

පසුගිය යහපාලන ආණ්ඩුව රාජ්‍ය පාලනයෙන් ඉවත් කිරීමට ලක්ශ හැට නවයක ජන මතයට හැකියාව ලැබුනු අතර ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බලයට ආ සැනින් පාස්කු ප්‍රහාරය ගැන පුළුල් විමර්ශනයක් ආරම්භ කලා, එහි පරීක්ෂණ මේ වන විට අවසන් අදියරේ තිබෙන අතර එහිදී අනාවරණය වූයෙ පසුගිය යහපාලන ආණ්ඩුව විසින් බොහෝ සාක්ෂි විනාශ කිරීමට කටයුතු කර ඇති බවයි.

පාස්කු ප්‍රහාරයේදී මරාගන මැරැනු කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්ෆාස් නැමැත්තාට අයත් වැල්ලම්පිටියෙ තඹ කර්මන්තශාලාවේ සේවකයන් ගැන තිබු සාක්ෂි කිහිපයක්ම එලෙස විනාශ කර ඇති අතර එම හේතුව නිසාම එම සේවකයන් හට ඇප ලබා දීමට සිදුවු බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කලා.

http://cdnews24link.wordpress.com/wp-content/uploads/2021/01/7c9cc-1118387.jpg

සාක්ෂි නොමැතිව ඇප ලබා දීමට සිදු වුවද විශේෂ පොලිස් නිලදාරී කන්ඩායමක් එම සේවකයන් ගැන දැඩි විපරමකින් සිටීමට යොදවා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කලාය.