ඉරාක හමුදාව බැග්ඩෑඞ් අයිසිස් නායකයා මරා දමයි

Spread the News

iraka444Divaina:

ඉරාකයේ අයිසිස් නායකයා වූ අබු යසර් ඉසාචි ඉරාක හමුදාව විසින් මරා දමා ඇත.

පසුගියදා බැග්ඩෑඞ් නුවර වෙළෙඳ සංකීර්ණයකදී බෝම්බ පිපිරීම් 2 ක්  සිදු කර 32 කගේ මරණවලට ඔහු වගකිවයුතු බව හෙළි වී තිබේ.

ඉරාක ඩයිස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඉසාචි අයිසිස් ත‍්‍රස්ත කි‍්‍රයා මෙහෙය වීමට පත් කර තිබිණි.
ඉරාක අගමැති අල්කඩාමි පැවසුවේ ඉරාක හමුදාවට ලත් තොරතුරු මත දියත් වූ මෙහෙයුමකදී ඉසාචි සිටි ස්ථානය වටලා ප‍්‍රහාර එල්ල කළ බවයි.

මේ සම්බන්ධයෙන් අයිසිස් සංවිධානය මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් කර නැත.