Spread the News

vsau222තම නිවසේ ජල මීටරය අකි‍්‍රය වී තිබීම සම්බන්ධයෙන් වසර 4ක් තිස්සේ පැමිණිලි කළ පාරිභෝගිකයකුගේ ප‍්‍රශ්නයක් නොවිසඳීම සම්බන්ධයෙන් වහා අවධානය යොමු කළ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එම ප‍්‍රශ්නය පැයක් තුළ විසඳා දීමේ පුවතක් ඊයේ (12 වැනිදා* වාර්තා විය.

මෙම සිද්ධියේ පැමිණිලිකාර පාරිභෝගිකයා වනුයේ රද්දොළුගම පදිංචි හේමන්ත ද සිල්වා මහතාය.

ඒ මහතාගේ නිවසේ තිබූ ජල මීටරය මීට වසර 4කට උඩදී අකි‍්‍රය වී තිබේ. පසුව ඔහු මේ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් රද්දොළුගම ජල සම්පාදන බෙදාහැරීම් අංශයේ ස්ථානාධිපතිනියට පැමිණිලි කර තිබේ. නමුත් ප‍්‍රශ්නය විසඳී නැත.

ජල මීටරය අකි‍්‍රය වුව ද ඒ මහතාට සෑම මසකම ඇස්තමේන්තු බිලක් නිවසට ලැබී ඇත. කෙසේ වෙතත්, ඒ මහතා එම බිල ද කලට වේලාවට අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කර තිබේ. මේ අතර ඒ මහතාට රතු බිලක් ලැබී ඇත. කලට වේලාවට ජල බිල ගෙවූ තමාට රතු බිලක් ලැබීම නිසා ඒ මහතා රතු බිල ගැන හා අක‍්‍රිය වී ඇති ජල මීටරය ගැන තම ප‍්‍රාදේශීය කාර්යාල බලධාරින්් අවධානය යොමු නොකිරීම ගැන ජල සම්පාදන අමාත්‍යවරයා හට පැමිණිලි කර තිබේ.

ඒ ගැන වහා අවධානය යොමු කළ අමාත්‍යවරයා මේ ගැන වහා සොයා බලා එයට විසඳුම් ලබා දෙන්නැයි නිලධාරීන්ට නියෝග කර තිබිණි.

ඒ අනුව නිලධාරින් රද්දොළුගම ජල සම්පාදන බෙදාහැරීම් අංශය වෙත ගොස් තිබේ. එහිදී එම අංශය භාර

ස්ථානාධිපතිනියට, පාරිභෝගිකයන් යළිත් අපහසුතාවට පත් නොකර අදාළ කාර්යය වහා ඉටු කරදෙන ලෙසට අවවාද කර ඇත.

එසේම එම පාරිභෝගිකයාගේ අක‍්‍රිය වී ඇති ජල මීටරය කඩිනමින් සකසා දෙන ලෙසට ද දන්වා තිබේ. ඒ අනුව ඊයේ ජල මීටරය සාදා ඇත. වසර 4ක් යනතුරු නොවිසඳුණු තම ප‍්‍රශ්නය ගැන වහා අවධානය

යොමු කර සැණින් ඊට විසඳුම් ලබාදීමට කටයුතු කළ වාසුදේව නානායක්කාර මහතාට සිය ස්තූතිය පුද කරන බව පාරිභෝගික හේමන්ත සිල්වා මහතා කීය.