Spread the News

නෝමන් පලිහවඩන –Divaina

popeපාස්කු ඉරිදා සිදු කළ බෝම්බ ප‍්‍රහාරයේ විමර්ශන පිළිබඳ  වත්මන් තත්ත්වය ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප් වහන්සේ වෙත වරින් වර දැනුම් දෙන බව කොළඹ අගරදගුරු පදවියේ ප‍්‍රකාශකයෙක් (5දා* ස`දහන් කළේය.

කොළඹ පිහිටි වතිකන් තානාපති කාර්යාලය මගින් මෙම දැනුම්දීම් මෙසේ සිදු කෙරෙන බවද අගරදගුරු මැඳුර කියයි.

මේ අතර පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාරය පදනම් කරගෙන පැවැත් වූ පරීක්‍ෂණවලදී සිදු වී ඇති බව තීන්දු ලබන අඩුපාඩු සම්බන්ධව හෙට (7* කළු ඉරිදා වශයෙන් නම් කර සිදුකරන ආගමික මෙහෙයක් පිළිබඳව ද පාප් වහන්සේ වෙත වාර්තා කර ඇත.

‘‘කළු ඉරිදා’’ දේවමෙහෙයන් කොළඹ අගරදගුරු පදවියට සම්බන්ධ දේවස්ථානවලදී සිදු කෙරේ.

මෙම ප‍්‍රහාරයට සම්බන්ධ මහ මොළකාරයන් ඇතුළු ඊට සම්බන්ධ සියල්ල නීතියේ රැුහැනට කොටු කර දෙන ලෙස දෙවියන්ට කරන කන්නලව්ව මෙහිදී සිදුකෙරේ.

‘‘කොරෝනා’’ වසංගත තත්ත්වය අනුව සෞඛ්‍ය උපදෙස් මත මෙම දේව මෙහෙයන් සිදු කෙරෙනු ඇත.