Spread the News

අධිකරණ භාෂා විධාන උල්ලංඝනය කරන නීති අධ්‍යාපන ගැසට්ටුවෙන් ජනතාවගේ අයිතීන් අහිමිවීම් පිළිබදව දැනුවත් කරන නීති අධ්‍යයන පත්‍රිකා බෙදා දීම මාර්තු 22 අලුත්කඩේ දී…

අධිකරණ භාෂාවන සිංහල සහ දෙමළ භාෂාවලින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති අධ්‍යාපන ලබා දීම සහ නීති විභාග පැවැත්වීම වළක්වමින් සංස්ථාගත නීති අධ්‍යාපන සභාව, අධිකරණ ඇමතිවරයාගේ එකගත්වයෙන් 2020.12.30 දින අංක 2208/13 දරන ගැසට් පත්‍රය පළ කර ඇත. මෙම ගැසට් පත්‍රය හේතුවෙන් නිදහස් අධ්‍යාපනය ලබන පුරවැසියන්ගේ නෛතික සාක්ෂරතාවය ලැබීමට ඇති අයිතිය අහිමිවීම, සාධාරණ නඩු විභාගයක් අහිමි වීම ඇතුළු ජනතාවගේ අයිතිවාසිකම් අහිමිවීම් සම්බන්ධයෙන් දැනුවත් කරන සහ සංස්ථාගත ශ්‍රී ලංකා අධිකරණ භාෂා නීති විද්‍යාලය පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවීමට ඇතුළු විසදුම් ඉදිරිපත් කරන නීති අධ්‍යයන පත්‍රිකා ලක්ෂයක් ජනගත කිරීමට නීතිඥ අරුණ ලක්සිරි උණවටුන කටයුතු යොදා ඇත. නීති අධ්‍යයන පත්‍රිකා ජනගත කිරීමේ ආරම්භක අදියර 2021 මාර්තු 22 වන දින (සදුදා) උදේ 10.30 අලුත්කඩේ අධිකරණ සංකීර්ණ බෝධීන් වහන්සේ ඉදිරිපිටදී ආරම්භ වේ. මේ පිළිබද වැඩි විස්තර දුරකථන අංක 0712063394 අමතා ලබා ගත හැකිය.

(මේ සමග විස්තර ඇති පත්‍රිකාවක්ද අමුණා ඇත.)

මෙයට,

විශ්වාසී,

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

(සමායෝජක)

Image preview