Spread the News

චමින්ද සිල්වා -Divaina

anurakumaranew

පාස්කු දා බෝම්බ ප‍්‍රහාරයේ සැකකරුවකු වන ඊබ‍්‍රහිම් මොහොමඞ් නමැත්තා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප‍්‍රකාශයක් කළ යුතුව ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා ඊයේ (18දා* පැවසීය.

 සරත් වීරසේකර හිස් වෙඩි පත්තු කරන බවට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප‍්‍රකාශ කරන බවත් තමන් පත්තු කරන්නේ හිස් වෙඩි ද ජීව උණ්ඩ ද කියා ඉදිරියේදී බලා ගැනීමට හැකිවනු ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය. ඒ මහතා මෙම අදහස් පැවසුවේ ස්වයං රැුකියා නියුක්තිකයන්ගේ සංගමයේ නව සංවත්සරය නිමිත්තෙන් ඊයේ (18 දා* කොළඹ පැවැති උත්සවයකට එක්වෙමිනි.

 පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවකු වන කෝටිපති ව්‍යාපාරික ඊබ‍්‍රහිම් මොහොමඞ් නමැත්තා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවට ඇතුළත් කර සිටි බවත් ඔහුගේ පුතුන් වන ඉල්ෂාඞ් මොහොමඞ් සහ ඉල්හාම් මොහොමඞ් පාස්කු ප‍්‍රහාරය එල්ල කර මිය ගිය බවත් කී ඇමැතිවරයා ඔවුන් පාස්කු ප‍්‍රහාරය සඳහා රුපියල් ලක්ෂ 300ක් වියදම් කර ඇති බව ද වැඩිදුරටත් පැවැසීය.