Spread the News

කීර්ති වර්ණකුලසූරිය- Divaina

heman200viiඉදිරියේදී ආරම්භ වන යුද අපරාධ පරීක්‍ෂණයට අදාළ සාක්‍ෂි සංරක්‍ෂණය කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරමින් බි‍්‍රතාන්‍ය ඉදිරිපත් කර ඇති ජිනීවා යෝජනාව සඳහා බටහිර රටවල් ප‍්‍රමුඛ රටවල් 32ක් සහය දැක්වීමට ඉදිරිපත් වී ඇත.

 ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවසූවේ රුසියාව. චීනය, පිලිපීනය, බෙලාරුස්, වෙනසියුලා, බංගලදේශය සහ නේපාලය යන ඉස්ලාමීය රටවල් කිහිපය ශ‍්‍රී ලංකාවට සහය දීමට කටයුතු කරන බව හෙළි වී ඇති බවයි.

 මේ අතර ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය යන රටවල සිටින ඉස්ලාමීය සංවිධානද ශ‍්‍රී ලංකාවට සහය දැක්වීමෙන් වළකින ලෙස ඉස්ලාමීය රටවලට දැඩි බලපෑම් එල්ල කර ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටී. මුස්ලිම් මෘතදේහ 132ක් බලහත්කාරයෙන් ආදාහනය කළ බවට මෙම සංවිධාන මුස්ලිම් රටවලට දන්වා තිබේ. ජිනීවා යෝජනාවට අදාළ ඡන්ද විමසීම මාර්තු 22 පැවැත්වේ.