Spread the News

facebook45

Diavaina :පිළියන්දල මඩපාත ප‍්‍රදේශයේ මුහුණු පොත හරහා සංවිධානය කොට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ ෆේස් බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 34 දෙනකු පිළියන්දල පොලිසිය ඊයේ (21දා* අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ හා කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පිළියන්දල මඩපාත ලයින් වන් ලැගුම්හල වටලා පරීක්ෂා කිරීමේදී සාදය සඳහා සහභාගිවී සිටි මෙම පිරිස පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට පත්වූවන් පරීක්ෂා කිරීමේදී 16 දෙනකු සන්තකයේ ගංජා පැකට් 5ක්, අයිස් මත්ද්‍රව්‍ය පැකට් 12, මත් මුද්දර හා විෂ මත්ද්‍රව්‍ය තිබී පොලිස් භාරයට ගෙන ඇත.

පසුව මොවුන් මත්ද්‍රව්‍ය පානය කර ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බව පොලිසිය පවසයි.

මෙම සාදය මුහුණු පොත හරහා සංවිධානය කර තිබූ බවත් අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 09 දෙනකු සිටි බවත් ඒ අතර ලැගුම්හලෙහි හිමිකාරියද වන බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත ¥ෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 43447 උපුල්, 27320 කපිල, 1874 පලිහක්කාර, පොලිස් කොස්තාපල්වරුන් වන 86543 ජයතිලක, 90316 කනිෂ්ක, 89436 ඉඳුනිල්, 94843 හසින්ත, 24328 දේශාන්, කා.පො.කො. 11176 දුලක්ෂි ඇතුළු නිලධාරීන් වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.

පින්සිරි ආරියරත්න – රත්මලාන