Spread the News

p1 13 6

Divaina :පාස්කු ප‍්‍රහාරයට අදාළ පරීක්‍ෂණවල බරපතළ දුර්වලතා මතුවීම නිසා නව විමර්ශන ඒකකයක් මගින් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීමට රජය තීරණය කර ඇත.

මෙයට අමතරව පාස්කු ප‍්‍රහාරය පිළිබඳව ඉදිරියටත් පරීක්‍ෂණ සිදුකරන ලෙස රජය ත‍්‍රස්ත මර්දන ඒකකයට සහ රහස් පොලිසියට නියෝග කර තිබේ.

පාස්කු ප‍්‍රහාරය සිදුකළ සහරාන් හෂීම් ජපානයට ගොස් හයිඩර් අලි නමැත්තකු සමග මාස තුනක් ගතකර ඇති අතර තුර්කියේදී අවි පුහුණුව ලබා ඇතත් ඒ ගැන විමර්ශන සිදුවී නැතැයි රජයට හෙළිවී ඇත.

එසේම පාස්කු ප‍්‍රහාරයේ මොළකරු යයි හඳුන්වන නව්පර් මව්ලවි නමැත්තාගේ සගයකු වූ උමයිර් සිරියාවට ගොස් අයිසිස් ත‍්‍රස්තයන් හමුවී මෙරටට පැමිණ ඇත. ඒ ගැන පවා පරීක්‍ෂණ සිදුවී නැත.

මේ අතර පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් වගකීම පැහැර හැරි පොලිස් නිලධාරීන් නවයකට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා වහාම පරීක්‍ෂණ පවත්වන ලෙස ද රජය පොලිස්පති වෙත නියෝග කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය