කතෝලික සභාවේ මිලේච්ඡත්වය හා ලංකාවේ නූතන කතෝලික-ක්‍රිස්තියානි ආක්‍රමණය

Spread the News

කතෝලික සභාවේ මිලේච්ඡත්වය හා ලංකාවේ නූතන කතෝලික-ක්‍රිස්තියානි ආක්‍රමණය

Source link:

අද, ලොව විශාලතම ආගමික විශ්වාසය වී ඇත්තේ ක්‍රිස්තියානි ලබ්ධියයි…ගණනින් බිලියන 2.43 ක් පමණ වූ මානව කායක් අදහන, ලෝකය මවා වදාළ බව කියන සර්වබලධාරී දෙවියෙකු හා ඔහු විසින් මිනිස් වර්ගයාගේ “ජන්ම” පාපී බවට ලෙයින් හා මරණයෙන් වන්දිය ගෙවීමට එවන ලද බව කියැවෙන “ඉයුසාස්” (Ieusas) නම් ස්වකීය ඒක ජාත පුත්‍රයාණන් වටා ගොඩ නැඟුණු ආගමික විශ්වාසය, එහි මුක්තයන් ගෙන බලන කල ප්‍රධාන කොටස් යුගලකි…

ජේසුස් නොහොත් උක්ත “ඉයුසාස්” තුමණ්ගෙන් වරම් ලද බව කියන, එතුමාගේ සම්භක්ත ගෝලයන් 13 දෙනාගෙන් ප්‍රධානියා වන “පේදුරු” නොහොත් “පීටර්” (Pedro or Peter) තුමන් පළමු වැනි “පාප්” වරයට නඟා ඒ ඔස්සේ, රෝමානු අධිරාජ්‍යය දේශපාලනික තිඹිරි ගෙය කොට උපන් “රෝමානු කතෝලික” දර්ශණය, ක්‍රිස්තියානි ලබ්ධියේ වත්මන ඇති විශාලතම ශාඛාවයි..ගණනින් බිලියන 1.44 ක් පමණ වූ කතෝලික කඳවුරේ නායකයා වන්නේ වතිකානුවෙහි පූජක තේරාවලියේ ඉහළින්ම සිටින “පපාල්” ( පියාණන් ) (Les Papal) නොහොත් “පාප් වහන්සේය”

එම කඳවුරෙහිම ජනිතව, එහි වැඩවසම් වාදී මතවාදයන් කිතුණු නයට පටහැනි බව පවසා ඒ හා ගැටී ඉන් ඉවත් වූ “මාටින් ලූතර්, ජෝන් කැල්වින්, හුල්ඩ්‍රිෂ් ස්වින්ග්ලි, විහෙල්ම්ස් ඒ බ්‍රෙකර්, ගිස්බර්ටස් වෝෂස්” වැනි දාර්ශණික මතවාදීන් නිසා භින්න වී ගිය සෙසු ක්‍රිස්තියානි නිකාය, අටවැනි හෙන්‍රි රජුගේ ක්‍රියාකාරකම් නිසා එංගලන්තය ස්වාධිපත්‍යයිකව පිහිටුවා ගත් “ඇන්ග්ලිකන්” නොහොත් “එංගලන්ත සභාව”, 1630-1763 කාළ වකවානුව තුළ යුරෝපය හැර පියා උතුරු ඇමරිකාවට සංක්‍රමණය වී එහි විවිධ, විෂම, පරස්පර මතවාදයන් හා බයිබලික අර්ථකතනයන් රැසක් ඔස්සේ පල්ලි සංස්ථා පිහිටුවා ගත් “පියුරිටන්” (Peuritans) වාදීහු, “ක්වේකර්” (The Quakers) වාදීහු, යනාදී ශාඛාවෝද, ඒ නයින් පැණ නැඟි අනු ශාඛාද වශයෙන් ගත් කළ දහස් ගණනක් වූ සෙසු ක්‍රිස්තියානි නිකාය ශාඛාවන්ට නායකයන් රැසක් සිටින අතර, අනුගාමිකයන් ගණනින් බිලියන 1.21ක් පමණ වේ…

අද ඉස්ලාම් ලෝකය චණ්ඩ, රලු, පරුෂ, ආක්‍රමණික ලෙස හැසිරෙන, සාහසික සමාජ පවුරක් බව කියා වැඩි වශයෙන්ම චෝදනා කරන්නේ, රෝමානු කතෝලික පල්ලිය පෙරටු මෙකී පල්ලි සංස්ථා දාමයයි..අද, ඉතා මුදු, මොළොක්, ඉවසිලිවන්ත, ඇගැයික ලක්ෂණ තමා තුළ ඇති බව කියන්නේද මේ ක්‍රිස්තියානි ලෝකයයි…නමුත්, ක්‍රිස්තියානි ලෝකයේ ප්‍රචාරක ඉතිහාසය දෙස එක් වරක් උඩින් පල්ලෙන් බලන කෙනෙකුට වුවද, ක්‍රිස්තියානි ලෝකයද, ඉස්ලාම් ලෝකය මෙන්ම හෝ, ඇතැම් විටෙක අනුකම්පා විරහිත බව, සාහසිකත්වය තුළින්ද, ප්‍රචණ්ඩත්වය තුළින්ද, ඉස්ලාමයද අබිබවා යන්නක් බව වටහා ගත හැක..ක්‍රිස්තියානියේ ඉතිහාසයද ඒ තරමටම චණ්ඩය, දරුණුය, සාහසිකය…අප සැම ඉස්ලාම් ලෝකයේ අතීත හා වත්මන් සාහසික ක්‍රියා ලෙසද, ත්‍රස්තවාදී ක්‍රියා ලෙසද සළකනු ලබන, සියළු ආරට අයත් සියල්ල, ඒ අයුරින්ම හෝ ඊට වඩා කිහිප ගුණයක් බිහිසුණු අන්දමෙන් ක්‍රිස්තියානි ඉතිහාසය පුරාද ලෙයින් සටහන් වී තිබෙන බව මතක තබා ගත යුත්තකි…

කතෝලික පල්ලිය හා ක්‍රිස්තියානි නිකායන් උතුරු ඇමරිකාවේත්, ලතින් හා මධ්‍ය ඇමරිකානු කළාපයන්ගේත්, දේශීය ජනකායන් වර්ග 14ක්, ඔවුන්ගේ නගර, වැඳුම්, පිදුම් සමඟම මෙලොවින් අතුගා දැමූහ..මරා දැමූවන්ගේ සංඛ්‍යාව මිලියන ගණනකි…

සුදු හම රහිත සෙසු සියල්ලෝම වහළුන් ලෙස යොදවා ගැනීම නීත්‍යානුකූල කරමින් පස්වැනි නිකොලස් පාප් වරයා විසින් 1452 දී “ඩම් ඩිවෙරෙයිසාස්” නම් පාපාලික ආඥාව (Papal Bull Dum Diversas of 1452) ගෙන ආ බවත්, ඉන් පසුව මිලියන ගණනක් අසරණ කළු ජාතික වහළුන්, අප්‍රිකාවෙන් ඇමරිකාවට හා යුරෝපයට ප්‍රවාහණය කළ බිහිසුණු ආකාරයත්, අද ලෝකය දන්නවාද?…

දෙවැනි ලෝක සංග්‍රාමය යනු, වතිකානුවේ 12 වැනි පයස් පාප් වරයා විසින් සැලසුම් කොට, ඇඩොල්ෆ් හිට්ලර් සමඟ මතවාදීව සමපාතව හිඳ, හිට්ලර් ලවා යුරෝපයේ රෝමානු කතෝලික දර්ශණයට එරෙහි මතවාදීන්, එනම් සර්බියාවේ හා හන්ගේරියාවේ රෙපරමාදු ආගමිකයන්, පෝලන්තයේ, ඕස්ට්‍රියාවේ යුදෙව්වන්, සෝවියට් සංගමයේ කොමියුනිස්ට් වාදීන්, ආදීන්ට එරෙහිව මුදා හරින ලද්දක් වග ඔබ දන්නවාද?..නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් යනු, 12 වැනි පයස් පාප් වරයාගේ අතිශය කෲර හා පාපී සැලැස්මේ, හුදු දේශපාලනික රූකඩය පමණක් වග ඔබ දන්නවාද?..මහාචාර්ය ඇව්‍රෝ මෑන්හැට්න් විසින් රචිත “වතිකානු සංහාරය” නම් ග්‍රන්ථයෙහි, රෝමානු කතෝලික පල්ලිය විසින්, නාසි වධකාගාර සෙවණැල්ලේ සෘජුව හා වක්‍රව යුදෙව්වන් මිලියන 2.5 ක් පමණත්, කොමියුනිස්ට් වාදය පිළිගත් ජනයා මිලියන 7 ක් පමණත්, සර්බියාවේ හා හන්ගේරියාවේ “අනෙකුත්” ක්‍රිස්තියානි නිකායන්ට අයත් ජනයා මිලියන 5 ක් පමණත් මරා දමන්නට කටයුතු කළ ආකාරය මැනවින් පැහැදිලි කරයි…ඒ අනුව, දෙවැනි ලෝක සංග්‍රාමයේ සිදුවූ, එතෙක්, මෙතෙක් මිනිස් ඉතිහාස ගත ම්ලේච්ඡතම සිද්ධි දාමයට වතිකානුව සෘජුව වගකිව යුතු තැනක සිටිනා බව ඔබ දැන සිටියාද?…

ඇමරිකාව ජපානයේ වඩාත් විශාල හා ආර්ථික වශයෙන් වැදගත් කම් ඇති, ජපන් හමුදා මර්මස්ථාන ලෙස සැලකෙන නගර මගහැර, අවශේෂ නාගරික යුග්මයක් වූ හිරෝෂිමා සහ නාගසාකි නගර දෙකම පරමාණු බෝම්බ හෙළන්නට තෝරා ගත් හේතුව කුමක්ද?…

වියට්නාමයේ හා දකුණු කොරියාවේ දේශපාලනික බල අරගලයන්ට යටින් දියත් වූ අදිසි ආක්‍රමණය කුමක්ද??…

ඇමරිකාව, මියන්මාර විපක්ෂ නායිකා “අවුන් සාන් සුකී” ට ඔය තරම් ආදරේ ඇයි?…

මානවයා මෙලොව පහළ වූ කල සිට සිදු කෙරුණු රුදුරුම අපරාධ වල ලේ තැවරී ඇත්තේ, ඉරිදාට අල්තාරයන් ඉදිරියේ ඉහළට එසවෙන ක්‍රිස්තියානි පූජා ප්‍රසාදීන්ගේ අත් මතය….

මේ සියල්ල ගැන එක ලිපියකින් ඔබට පැහැදිලි කර දිය නොහැක..ඒ සඳහා ඒ, ඒ අවස්ථානුරූපිව ලිපි මාලාවක් සැකසිය යුතුව ඇත…කතෝලික ලබ්ධිය වැළඳගෙන සිටින අයෙකුට, තමා දෙමාපියන් සේ සලකන පල්ලිය පිළිබඳවද, වෙනත් ක්‍රිස්තියානි ලබ්ධිකයෙකුට, තම තමාගේ නිකායන් හා ඒවා ආ ගමන් මඟ පිළිබඳවද කදිම අවබෝධයක් ලබා ගත හැකි සිද්ධි වලින් ලෝක ඉතිහාස පොත පිරී පවතී…මේ ගැන යම් අයෙකුට දැන ගැනීමට වුවමනා නම් ඒ තොරතුරු අපට හැකි පමණින් ලබා දෙන්නෙමු..

එහෙත් බෞද්ධයිනි! අපට වැදගත් වන්නේ ගණනින් මිලියන 400 ක් පමණ වූ අන්‍ය ලබ්ධිකයන් පිරිසක්, කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි විසින් ලොව පුරා අතු ගා දමන්නට කළ, ඉතිහාසයේ රුදුරුම අපරාධ නොවේ…අපට වැදගත් වන්නේ ඔවුන් 20 වැනි සියවසේ ඇරඹුමෙහි සිට, මේ දක්වා බෞද්ධ ලෝකය විනාශ කර ඇති ආකාරය පිළිබඳවත්, අද ඔබ මේ ලිපිය කියවන මොහොත වනවිට, අවසාන ලෝක බෞද්ධ බලකොටු ක්‍රමානුකූලව විනාශ කරමින් සිටින ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමත්ය..

ක්‍රිස්තියානි ආක්‍රමණය, ඉස්ලාම් ආක්‍රමණයට වඩා බෙහෙවින්ම දරුණුය, වියරුය..සූක්ෂමය..ඔබගේම දරුවන් ලවා, ඔබව එල්ලා මරවන්නට තරම් ඒ ආක්‍රමණිකයන් උපායෙහි දක්ෂයෝය….( වැඩි විස්තර සඳහා සදාම් හුසේන් අවසන් ගමන් ගිය පෝරකය දෙස බැලීම වටී )..

ඉස්ලාම් ආක්‍රමණය මොන තරම් ප්‍රචණ්ඩ වුවද, එය ක්‍රිස්තියානි ආක්‍රමණයේ ඇති අතිශය සංකීර්ණ සාහසිකත්වය හමුවේ “ඉතාම අහිංසක” ආක්‍රමණයක් බව මේ ලිපි පෙළ කියවන විට ඔබට සිතෙන්නට පුළුවන…

බෞද්ධයිනි! එකක් මතක තබා ගන්න…ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආක්‍රමණ හමුවේ බුදු සසුන මෙලොව රැකී තිබෙනුයේ “කෙස් ගසකින්” බව කියතත් නිවැරදිය…එනිසා, කරුණාකර, අභ්‍යන්තරික, සාමාජීය මිථ්‍යා දෘෂ්ටි ඔබට පරපුරෙන්, පරපුරට උරුම වූවත් ඒවා බැහැර කරන්න, පිටු දකින්න..මේ ආක්‍රමණ කෙතරම් බිහිසුණු වුවද, මනුලෝ පරිශ්‍රයෙහි තෙරුවන් නිවැරදිව, පිරිසිදුව, මිසදිටු, දේවවාදී, චිරස්ථින න්‍යායන්ගෙන් තොරව ඔබ වෙත පිහිටයි නම් මේවායින් ශාසනය රැක ගැනීම කෙසේ හෝ කර ගත හැකි වනු ඇත…බුදු සසුන කන්නට බලා සිටින පිරිස බිලියන ගණනක් වුවද, ඒ උදෙසා ඔවුහු යොදවන්නට බලා සිටින වත් පොහොසත් කම් ගණනින්, ට්‍රිලියන වුවද, බෞද්ධ ඔබ “කෙලින්” සිටින්නේ නම් ඒ සියලු ප්‍රයත්නයන් නිෂ්ඵල වන බව සිහියට ගන්න….භූමි කම්පාවකටවත් සෙල්විය නොහැකි පර්වතයන් සේ ඔබේ තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පවතී නම්, බෞද්ධ ලෝකය අපරාජිත වන්නේය….අන්‍යාගමික ප්‍රහාර, වාරකන් රළ ගෙඩි පෙලක් සේ බුදු සමය නම් පවුරේ වදියි…බුදු සසුන නැසෙතොත්, අභ්‍යන්තරයෙන් ඔබම එයට කාන්දු කරන මිසදිටු විකාරයන් නිසා, ඒ පවුර දුර්මුඛ වී යාමෙන්ම වග, බෞද්ධයිනි! ඔබ සැම මතක තබා ගන්න!..

ශාසනය රකින සතර වරම් දෙවිවරු වන්නේද ඔබලාමය..ශාසනය ඔබ දෑත් මත පවතී…