Spread the News
Wijeyadasa Rajapakshe
Xi Jinping
President of the People’s Republic of China

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපති ෂී ජින් පින් මහතා වෙත කරුණු 45 කින් සමන්විත ලිපියක් යොමු කර තිබෙනවා.

චීනය සහ ශ්‍රී ලංකාව අතර වර්තමානයේ හට ගෙන ඇති ගැටලුකාරී තත්ත්වයන් මෙම ලිපියේ වැඩි වශයෙන් අන්තර්ගත  වන අතර චීනය විසින් ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ට කොමිස් මුදල් විශාල ලෙස ලබාදීමක් පිළිබද චෝදනාවක් සම්බන්ධයෙන්ද විජේදාස මන්ත්‍රීවරයා මෙම ලිපියෙන් කරුණු දක්වා තිබෙනවා.

ඉදිරියේ බලයට පත්වන රජයක දී ශ්‍රී ලංකාවට අහිතකර සියලු ගිවිසුම් අහෝසි කර දමන බවත් මන්ත්‍රීවරයා මෙම ලිපියෙන් ෂී ජින් පින් මහතාට දැනුම්දී ඇති අතර සෙලන්දිවා හරහා යම් දේපලක් ශ්‍රී ලංකාවෙන් ලබා ගතහොත් සියල්ල අවලංගු කර දමන බවත් ඊට කිසිදු ගෙවීමක් සිදු නොකරන බවත් විජේදාස මන්ත්‍රීවරයා චීන ජනාධිපතිවරයාට පවසා තිබෙනවා.

link: lankanews