Spread the News

Divaina

සංචාකර ඉන්දීය කාන්තා කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සහ එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා සංචිතය ඊයේ (20 වැනිදා) ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව අදාළ සංචිතය සඳහා ක්‍රීඩිකාවන් 19 දෙනකු ඇතුළත්ව සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සුපුරුදු පරිදි චමරි අතපත්තුට හිමිව ඇති අතර හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, ඕෂධී රණසිංහ, සුගන්දිකා කුමාරි, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, මල්ෂා ෂෙහානි, අමා කාංචනා, උදේෂිකා ප්‍රබෝදිනී, රශ්මි ද සිල්වා, හංසිමා කරුණාරත්න, කෞෂානි නිත්‍යාංගනා, සත්‍යා සංදීපනී, තාරිකා සෙව්වන්දි සංචිතයට ඇතුළත්ව ඇති අනෙකුත් ක්‍රීඩිකාවන් වේ.

දෙරට අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන 23 වැනිදා ආරම්භ වන අතර එක්දින තරගාවලිය ලබන ජූලි මස 01 වැනිදා ආරම්භ වේ.