Spread the News
උපුටා ගැන්ම  හිරු පුවත්

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට තුළ සාමකාමී පරිසරයක් ඇති කිරීමට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස තමාත් කතානායකවරයාත් මේ මොහොතේ කටයුතු කරමින් සිටින අතර එය කඩාකප්පල් කිරීමට කැරලිකරුවන් සහ ඇතැම් පුද්ගලයන් උත්සාහයක නිරත වන බව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මේ වනවිට රට තුල පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ පවතින වාතාවරණය සාමාන්‍ය තත්ත්වයට පත් කරන ලෙස තමන් ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී ඇති බවයි.

එහි දී ඔහු මෙලෙස අදහස් පළකලා. 

ජනාධිපතිතුමා ඊයේ රාත්‍රියේ මාලදිවයින බලා පිටත් වුණා. ඔහු ඒ බව මටත් පැවසුවා. කථානායකතුමාටත් දැනුම් දී තිබුණා.

ඒ වගේ ම ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් වන බව ද දැනුම් දී තිබුණා. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු අපිට ඡන්දයෙන් ජනාධිපති කෙනෙක් තෝරා ගන්න පුළුවන්.  අද දවසේ අරගලකරුවන් බොහෝ සැලසුම් සකස් කර තිබුණා. ඒවා බුද්ධි අංශ මඟින් අපිට දැනගන්නට ලැබුණා.

අග්‍රාමාත්‍ය කාර්‍යාලයය වටළන්න, යුද හමුධාපතිතුමාගේ ගෙදර, නාවික හමුදාපතිතුමාගේ ගෙදර, පාර්ලිමේන්තුව ඔවුන් වටළන්න සූදානමින් ඉඳලා තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්‍යාලය ඔවුන්ට කරන්න දෙයක් නෑ, පාර්ලිමේන්තුව වටලන එක කතානායකතුමා ගත්ත තීරණයක් නිසා නවත්තගන්න අපිට පුළුවන් වුණා. ඔවුන් හැදුවේ මේ ස්ථාන අල්ලාගෙන රටේ බලය තහවුරු කරගන්න. ඔවුන්ට අවශ්‍ය කෙනෙක් පත් කරගන්න.

සමහරු කියනවා ව්‍යවස්ථාව වැඩක් නෑ කියලා. ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න හදනවා. එහෙම වෙන්න දෙන්න බෑ. ව්‍යවස්ථාව අපි ආරක්ෂා කරන්න ඕනේ. රටේ දේපොළ ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා ආරක්ෂක අංශවල උපදෙස් අනුව මම තීරණය කළා ඇඳිරි නීතියත් හදිසි නීතියත් ක්‍රියාතමක කරන්න. මේ ඔබේ දරුවන්ගේ රටේ ජනතාවගේ අනාගතය. ත්‍රිවිධ හමුදාවට පොලිසියට හැමෝම සහාය දෙන්න ඕනේ.

හැමෝ ම නීතියට ගරු කරන්න ඕනේ. රට ආරක්ෂා කරගන්න ඕනේ. අපි කොහොම හරි මේ පැසිස්ට්වාදී තර්ජනය නතර කරන්න ඕනේ. යනුවෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර අද දිනයේ තම ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමුකිරීමට තමන් කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දුන් බව, කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. <br /><br />මේ අතර, පවතින තත්ත්වය හමුවේ ස්වාධීන රූපවාහිනි සේවය ද සිය විකාශන කටයුතු අත්හිටුවා ඇති අතර, මීට පෙර විකාශන කටයුතු අත්හිටුවනු ලැබූ ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ පිට පළාත්වල සිට කොළඹ දක්වා පැමිණෙන සියලු දුම්රිය ධාවනය නතර කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර සඳහන් කළා.

රට තුල පවතින තත්ත්වය අනුව බස්නාහිර පළාත තුල ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග මෙලෙස කොළඹට පැමිණෙන දුම්රිය ධාවනය අත්හිටුවීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත්, මේ වනවිට කොළඹට පැමිණ ඇති සියලු දුම්රිය යළි ගමනාන්තය බලා පස්වරුවේ ධාවනය කෙරෙනවා