Spread the News
Lanka Lead News

ඉකුත් 09 දින රාත්‍රියේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තබා හානි කිරීමට මුල්වූ බවට සැක , අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ පුතකු රටින් පලාගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව අදාල නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පුතා ඉකුත් (10) දින රාත්‍රියේ ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

සැකකරුගේ පියා මහින්ද රාජපක්ෂ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකුව සිට පසුව එම පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට එක්ව ඇති අතර, දැනට ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරයකු වශයෙක් කටයුතු කරමින් සිටින බවද පැවසේ.

අරගලකරුවන් ඉකුත් (9) දින ජනාධිපති මන්දිය අත්පත්කර ගැනීමෙන් පසු මෙම දේශපානඥයාගේ පුතා රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ආසන්නයට ගොස් අපි ජනාධිපති මන්දිරය වැටලුවා සේම රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට වැටලීමට යන බවත්, රට වටින් පිරිසට ඒ සදහා පැමිණෙන ලෙසටත්,” දන්වා සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හැරිමින් ඉල්ලා සිටි ඇති අතර, රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටලා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලිපිය අතට ලබාගන්නා තෙක් එම නිවසින් පිටව නොයන බවට ද ඔහු වීඩියෝව හරහා ඉල්ලීම් කර තිබුණි.

මේ සඳහා ආධාර අනුබල ලබා දෙමින් මෙම වීඩියෝ පටය එහි සිට පටිගත කළ කාන්තාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත්, එම කාන්තාව අවස්ථා කිහිපයක් ම කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක අරගලවල නිරත සිටි දේශපාලනඥවරියක් සමග සම්බන්ධවෙමින් ඇය සමග අරගල වන නිරත වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සිදුවීම්වලට අදාල සියලු වීඩියෝ සහ ඡායාරූප රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන විමර්ශන ආරම්භ කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මර්ග කියයි.