අද (22) දින පැවැත්වීමට නියමිතව තිබූ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ඉදිරි වසර 3ක කාලය සඳහා නිලධාරින් පත්කර ගැනීමට පැවැත්වීමට නියමිතව තිබූ මහා සභා රැස්වීම නොපැවැත්වීමට එම සම්මේලනය තීරණය කර ඇත.
එම මහා සභා රැස්වීම සඳහා දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් ලබාගෙන ඇති නිසා අධිකරණ නියෝගයට ගරු කරමින් අද (22) දින මහා සභා රැස්වීම නොපැවැත්වීමට ඊයේ (21) දින පැවැති සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.
