Spread the News
Picture Courtesy dreams time

Deleuze ගේ කියැවීම විශ්ව සාධාරණ මතයක්.

මහේෂ් හපුගොඩ මෙය අර්ථකථනය කිරීමේදී එක තැනක් වරද්දා ගෙන තිබෙනවා.

ඔහුගේම වචනවලින්
” තමන්ගේ හඬ අහන්නේ නැති සමාජ අවකාශ මේ නිශ්ශබ්ද තරුණ ප්‍රජාව විසින් යම් වෙලාවක පුපුරවා දමන්න පුළුවන්.
71,88-89 උතුර සහ ගෝල්ෆේස් එහෙම වරින්වර ඇතිවෙච්ච පුපුරා ගිය ලාකික අවකාශ”

මෙයින් ගම්‍ය වන ප්‍රධානම කරුණ නම් ආනයන කරන ලද න්‍යායන් තුළ සෑම විටම අපේ ඉතිහාසය හඳුනා ගත නොහැකි බවයි.
මාක්ස්වාදය හොඳම උදාහරණය. රෝමානු කතෝලික ආගම තවත් උදාහරණයක්.

මහේෂ්ගේ භාෂාව ඉතාමත් ප්‍රභලයි. පැහැදිලි කිරීමත් ඒ වගේම ආකර්ෂණීයයි.

එහෙත් ලංකාවේ සමාජ දේශපාලන සංදර්භය තුළ තරුණ නැගී සිටිම් ඔහු සිතන අන්දමින් තාරුණ්‍යයට හිමි යුගයේ අවශ්‍යතාවයන් ඉටු නොවීම නිසා ඇතිවුණු ප්‍රශ්නයක් නොව වාර්ගික මුහුණුවරින් හා කුලගැටුමක් පිළිබඳ සැඟවුණු කතාවක් ආගමික ආක්‍රමණයක් ලෙස විධාරණය වූ අවස්ථාවන් ලෙස ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ සටහන් විය යුතුයි.

එසේ නොවන්න ප්‍රශ්නයේ අක්මුල් සොයා යාම අතිශයින් දුෂ්කර වනු ඇත.

(මහාචාර්ය එඩ්වඩ් එම් පෙරේරා)

21.042023