අන්තර් වාර ඊළාම් ආණ්‌ඩුවට
කොටි ක්‍රියාකාරීහු 5 දෙනෙක්‌ පත් කෙරෙති

කීර්ති වර්ණකුලසූරිය
source:
ඉන්දියාව දෙකඩ කර තමිල්නාඩුව තුළ ඊළාම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීමේ අරමුණින් ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන අන්තර්වාර ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය සිය මන්ත්‍රීවරුන් යෑයි හඳුන්වමින් කොටි ක්‍රියාකාරීන් පස්‌දෙනෙකු පත්කර ඇත.

තමිල්නාඩුවේ මහාචාර්ය සරස්‌වතී රාඡේන්ද්‍රන්, ඊළම් සහයෝගිතා මධ්‍යස්‌ථානයේ කැඳවුම්කරු සෙල්වරාඡ් මුරුගයියන්, එම මධ්‍යස්‌ථානයේ නීතිවේදිනි පස්‌දිමා දේව් සුබ්‍රමනියම්, සිවිල් ඉංජිනේරු ගි්‍රවර් සුන්දර් සහ නීතිවේදිනි සුද්‍රා ගාන්ධි යන අය මෙලෙස පත්කර තිබේ.

ද්‍රවිඩ ඊළම ස්‌ථාපිත කිරීම මෙම මන්ත්‍රීවරුන්ට භාරවී ඇති බව අන්තර්  වාර ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය තවදුරටත් හෙළිකර ඇත.

Protected by Security by CleanTalk