ඉඳිකොලපැලැස්‌සට රතු වැස්‌සක්‌ !

ඕමල්පේ – ප්‍රගීත් ජනක

source:

සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඉඳිකොලපැලැස්‌ස යාය 01 ගම්මානයට පෙරේදා (13 වැනිදා) රාත්‍රියේ රතු වැස්‌සක්‌ ඇදහැලී ඇත.

මේ හේතුවෙන් ඉදිකොල පැලැස්‌ස ගම්වාසීන් දැඩි භීතියට පත්ව ඇති අතර රතු පාටට ඇද හැළුණු වැස්‌ස නිවෙස්‌වල මිදුලේ මිදී ඇත.

ගම්වාසීන් මෙම ජලය භාජනවලට එකතු කර ඇත. ඇතැම් ගෙවතු පුරාම මෙම ජලය මිදී ඇත.

ගම්වාසීන් මේ පිළිබඳව සෙවනගල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඔවුන් පැමිණ සාම්පල් රැගෙන ගොස්‌ ඇත.

Protected by Security by CleanTalk