විවාහ ලියාපදිංචිය සිංහලයාට රු5000, මුස්ලිම් සදහා 1500source:2013 වසරේ සිට විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු රුපියල් 5000කින් වැඩිවු බව අපට අසන්නට ලැබුනා. මීට පෙර ඒ සඳහා ගාස්තුව වූයේ රුපියල් 1000ක් වැනි මුදලකි. ඒඅනුව නව වසරේ සිට එම මුදල පස් ගුණයකින් පමණ වැඩිවී ඇත ජාතික සංඝ සම්මේලනය රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් පවසා සිටියේ විවාහ ලියාපදිංචි ගාස්තු සංශෝධනයේදී සිංහලයන්ට අසාධාරණයක් සිදුවී ඇති බවයි.ලිපියෙහි සදහන් පරිදි විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් පිටතදී විවාහයක් සිදු කිරීමේදී, මුස්ලිම් ජාතිකයකු විසින් කිසිදු මුදලක් ගෙවිය යුතු නැති බව අංක 5/2012 චක්‍රලේඛයෙහි සඳහන්ව ඇතැයි පැවසේ. සාමාන්‍ය විවාහයකදී, රෙජිස්ට්‍රාර්ට ගෙවිය යුතු මුදල රුපියල් 3500කි. ඒ අනුව සාමාන්‍ය විවාහයකදී රෙජිස්ට්‍රාර්ට ගෙවන මුදල සමඟ සිංහල ජාතික විවාහ අපේක්‍ෂකයකු රුපියල් 5000ක් ගෙවිය යුතු අතර, මුස්ලිම් ජාතික විවාහ අපේක්‍ෂකයා විසින් ගෙවිය යුතු වන්නේ රුපියල් 1500ක් වැනි මුදලකි. බැවින් එම විසමතාව ගැන අවධානය යොමු කර වන ලෙස ලිපිය මඟින් එම සම්මේලනයේ ජාතික සංවිධායක දයාවංස හිමියෝ ඉල්ලීමක් කර ඇත. මේ සිංහල රටේ සිංහලයන්ට මෙවන් වු අසාධාරන කම් සිදුවන්නේ කාගේ උවමනාවකටදැයි ප්රස්නයකි. Post navigationජිනීවා දංගෙඩිය ලෑස්තියි! ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු 209 ක චෝදනා පත්‍රයක් අපේ ඉතිහාසය බුල්ඩෝසර් කරන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ -බොදු බල සේනා ජාලයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමි