ළමා නිවාසය භාර දේවගැති පොලිස්‌ අත්අඩංගුවට
source link:
පල්ලම – අමිල බුද්ධික

ආරච්චිකට්‌ටුව විජය කටුපොත හේරොමා ළමා නිවාසය භාර දේවගැතිවරයා පෙරේදා සවස හලාවත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එම ළමා නිවාසයෙන් පලාවිත් මහාමයාඑළිය ප්‍රදේශයේ නිවසක සිටියදී පසුගිය 11 වැනිදා අත්අඩංගුවට ගත් අවු. 14, 15, 16 වයසේ පසුවන ගැහැනු ළමුන් පොලිසියට කළ ප්‍රකාශයකට අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇත.

එම ළමුන් හයදෙනාට ශරීර අඩම්තෙට්‌ටම් සිදුවී ඇත්ද දැන ගැනීම සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත. දරුණු වධ හිංසා ඉවසා ගැනීමට නොහැකි නිසා එම ළමා නිවාසයෙන් මෙම දැරියන් පලාවිත් තිබේ.

සිද්ධියට සම්බන්ධ දේවගැතිවරයා ඊයේ (13 දා) හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

හලාවත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි උ. පො. ප. සුභාෂිණී හේරත් මහත්මිය ඇතුළු නිලධාරී කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදු කරගෙන යති.

Protected by Security by CleanTalk