නීත්රා ලෝ ඇකඩමිය මඟින් සංවිධානය කරන ලද නීති ඩිප්ලෝමා ප්රදානෝත්සවය 2026 ඔක්තෝබර් මස 26 වන සඳුදා දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලා (BMICH) ප්රධාන ශාලාවේදී පැවැත්වුණා. නීතිය සමාජගත කරමින්, නීතිය දන්නා යහපත්, ගුණාත්මක මෙන්ම සදාචාරාත්මක පුරවැසි දරුකැලක් රටට බිහිකිරීමේ උදාර අරමුණ පෙරදැරිව පැවැත්වුණු මෙම මහෝත්සවයේදී සිසුන් 500කට ආසන්න පිරිසක් වෙත සිය නීති ඩිප්ලෝමා සහ සහතික පත්ර පිරිනමනු ලැබුවා.
මෙම අභිමානවත් උත්සවයේ ප්රධාන ආරාධිතයා ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා සහභාගි වූ අතර, ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා සහ ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් ද මීට එක්ව සිටියා.

උත්සවයේ විශේෂම අවස්ථාවක් සනිටුහන් කරමින්, අධිකරණ ක්ෂේත්රයට සහ නීති පද්ධතියට වසර 50ක අනුපමේය සේවාවක් ඉටුකළ ප්රධාන ආරාධිතයා වූ අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා වෙත නීත්රා ලෝ ඇකඩමිය වෙනුවෙන් විශේෂ උපහාර සම්මානයක් මෙහිදී පිරිනමනු ලැබුවා. මීට අමතරව, ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වශයෙන් නීති ක්ෂේත්රයේ ප්රගමනය උදෙසා ඉටුකරන විශිෂ්ට සේවය අගය කරමින් ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා වෙත ද විශේෂ ඇගයීම් සම්මානයක් නීත්රා ලෝ ඇකඩමිය විසින් පිරිනමනු ලැබුවා.

මෙම උත්සවයේ කැපී පෙනෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් වූයේ නීති ඩිප්ලෝමාලාභීන්ට අමතරව, වයස අවුරුදු 16 සිට ඕනෑම අයෙකුට සහභාගි විය හැකි පරිදි සකස් කළ නීතිය පිළිබඳ සහතික පත්ර පාඨමාලාව සාර්ථකව නිමකළ සිසුන් වෙත ද මෙහිදී සහතික පත්ර පිරිනැමීමයි. එමෙන්ම, මෙම පාඨමාලාවන් හැදෑරීම සඳහා වෛද්යවරුන් ඇතුළු සමාජයේ විවිධ ඉහළ වෘත්තීය මට්ටම් නියෝජනය කරන විශාල පිරිසක් එක්ව සිටියා.
– වාර්තා කරණය ප්රධාන කතෘ පාලිත ආරියරත්න

