Spread the News

අප්‌පටිවිදිත සුත්‌තං

ආර්ය සත්‍ය අවබෝධ නොකිරීම මුල්කොට වදාළ දෙසුම – අප්‌පටිවිදිත සුත්‌තං

සාවත්‌ථියං…

සැවැත් නුවර ජේතවනාරාමයේදීය …………………….

ඒකමන්‌තං ඨිතා ඛෝ සා දේවතා භගවතෝ සන්‌තිකේ ඉමං ගාථං අභාසි.

එකත්පසෙක සිටි ඒ දෙවියා, භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

”යේසං ධම්‌මා අප්‌පටිවිදිතා

පරවාදේසු නීයරේ

සුත්‌තා තේ නප්‌පබුජ්‌ඣන්‌ති

කාලෝ තේසං පබුජ්‌ඣිතුන්‌ති”

“චතුරාර්ය සත්‍යය අවබෝධ නොකරන උදවිය ඉන්නවා. අන්න ඒ උදවිය තමයි අන්‍යාගමික ආක්‍රමණවලට හසුවෙන්නෙ. ඒ උදවිය නිදාගෙනයි ඉන්නෙ. නැගිටින්න ඕනකමක් නෑ. නමුත් දැන් ඒ උදවියට අවදිවෙන්න කල් ඇවිල්ලා.”

(භගවා);

(භාග්‍යවතුන් වහන්සේ) :

”යේසං ධම්‌මා සුප්‌පටිවිදිතා

පරවාදේසු න නීයරේ

සම්‌බුද්‌ධා සම්‌මදඤ්‌ඤාය

චරන්‌ති විසමේ සමන්‌ති”

“චතුරාර්ය සත්‍යය අවබෝධ කරන බුද්ධිමතුන් ඉන්නවා. ඔවුන් කවදාවත් අන්‍යාගමික ආක්‍රමණවලට හසුවෙන්නෙ නෑ. සම්බුදුරජාණන් වහන්සේලා ඒ ගැන හොඳට දන්නවා. ඒ නිසා උන්වහන්සේලා මේ විෂම ලෝකයේ සමව හැසිරෙනවා.”

සාදු! සාදු!! සාදු!!!