ප්‍රති ත්‍රස්ත පනත සම්මත කර කර ගැනීමට විරුද්ධව කාදිනල් විසින් මාධ්‍ය අමතා කරන ලද කතාවට ශීර්ෂ පාඨයක් ලෙස සඳහන් කර තිබුණේ සුදුසු මොහොතක කාදිනල් කතා කළ බවයි.
පසුගිය වසර ගණනාවකදී සුදුසු මොහොතවල් දහස් ගණනින් කාලය පසුකර ගෙවී යද්දී නිහඬතාවය රැකගත් අමුතුම ගණයේ වීරයින් පිරිසක් අද මහා කරුණාවෙන් ජනතාව අමතමින් සිටිති.
මේක සුදුසුම මොහොත වෙන්නෙ කොහොමද?
උදාහරණයක් ලෙස අපි උතුරේ ත්‍රස්තවාදය හෝ දකුණේ ත්‍රස්තවාදය ගනිමු.
මේ කියන ත්‍රස්තවාද දෙකටම උඩගෙඩි දුන්නේ කොළඹ රදගුරු සම්මේලනයයි.
උතුරේ දමිල කතෝලික පූජකයින් ගණනාවක් ත්‍රස්තවාදී කොටි සංවිධානයේ සාමාජිකයන් වී සිටියා. පල්ලිවල කොටින්ට දීම සඳහා ආයුධ ගබඩා කර තිබුණා.
රතුකුරුස වාහන වල පටවාගෙන දකුණේ සිට උතුරට ඕමන්ත මුරපොළ හරහා කොටි ත්‍රස්තවාදීන්ට ආයුධ සැපයීමට පල්ලිය කටයුතු කළා.
ජවිපෙ විසින් වරින් වර දියත් කළ ත්‍රස්තවාදී කටයුතු පිටුපස මෙන්ම දමිළ කොටි ත්‍රස්තවාදීන් පිටුපසත් දේශිය මෙන්ම විදේශීය කතෝලික පල්ලිද සැඟවී සිටියා.
කොටි ත්‍රස්තවාදීන් සිංහල බෞද්ධයින් ඝාතනය කරන විට, රට බේරා ගැනීමට සටන් වැදී සිටි අපේ හමුදාවල සාමාජිකයින් සිරභාරයට පත්වුණ මොහොතේ පල්ලියේ සුචච කීකරු නිවටයෙක්ව සිටි ආර් ප්‍රේමදාසගේ ඉල්ලීම පිට කොටි ත්‍රස්තයින් විසින් අමු අමුවේ මරා පුළුස්සා දමන විට ඒවා ත්‍රස්තවාදී ක්‍රියා හැටියට ජාත්‍යන්තරය ඉදිරියේ පෙන්වා දෙන්න ඉදිරිපත් නොවුනු කතෝලික පල්ලියට මානව අයිතිවාසිකම් ගැන සිහි උනේ දැන් ද?
පල්ලියේ උදව් වෙන් බිහිවුණු උතුරේ ත්‍රස්තවාදය විසින් ම්ලේච්ඡ අන්දමින් කපාකොටා වෙඩිතබා ඝාතනය කළ සිංහල බෞද්ධයින් මනුෂ්‍යයන් හැටියට පිළිගැනීමේ ප්‍රශ්නයක් කතෝලික හා ක්‍රිස්තියානි ආගමේ නායකයන්ට තිබේද?
මනුෂ්‍යත්වයේ නාමයෙන් හෝ දෙවියන්ගේ නාමයෙන් ම්ලේච්ජත්වය ට විරුද්ධව එදා කතා නොකළ දිව අද දොට්ට දැමීම හුදු ජනතාව රැවටීමට ගන්නා දුබල උත්සාහයක්.
සමහර විට මේ උත්සහය පිටුපස සැඟවී තිබෙන්නේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට රාජ්‍ය බලය ලබා දීමේ කූඨ ප්‍රයත්නයේ සැබෑ මුහුණුවර යයි යමෙක් පැවසුවහොත් එය සාවද්‍ය නොවේ.
– එඩ්වර්ඩ්-
04.04.2023