චීනය, රුසියාව හා පෘතුගාලය මූන්ට දෙහි කපයි

Spread the News

චීනය, රුසියාව හා පෘතුගාලය මූන්ට දෙහි කපයි

source link:

බලය වැරදි ලෙස භාවිතා කරලා

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පසුගිය 18දා රැස්වූ අවස්ථාවේ ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතින්ගේ මහ ලේකම් වරයාගේ විද්වත් මණ්ඩලයේ වාර්තාව පිළිබඳව රුසියාව, චීනය, පෘතුගාලය දැඩි විරෝධයක් මතු කළේය.

එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ නායක ලීන් පැස්කෝ මහතා ඒ පිළිබඳව අදහස් දැක්වූ අවස්ථාවේදී එම විරෝධතා මතුවිය.

එවැනි වාර්තා නිකුත් කිරීමට පෙර එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා චෝදනා ලද රටේ නියෝජිතයකු හමුවේ සාකච්ඡා කළ යුතුª බව එම රටවල්වල මතයයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට එරෙහි යුද අරගලයේ අවසන් දින කීපයේ සිදුවූවා යැයි කියන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව චෝදනා පිළිබඳ සොයා බලා තමාට උපදෙස් දෙන්නට යැයි තිදෙනකුගෙන් යුත් විද්වත් මණ්ඩලයක් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් පත්කරන ලදී.

එම වාර්තාව එ.ජා.මහලේකම් බෑන් කී මූන් මහතා වෙත බාර දෙන ලද්දේ පසුගිය 12 දිනය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ ප්‍රධානී විජේ නම්බියාර් විසින් එම වාර්තාවේ පිටපතක් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ශ්‍රී ලංකා උප නියෝජිත මේජර් ජනරාල් ශවීන්ද්‍ර සිල්වා වෙත බාර දෙන ලදී. පැය 36ක් ඇතුළත මේ වාර්තාව ප්‍රසිද්ධ පිටපතක් මහලේකම්වරයා විසින් නිකුත් කරනු ඇති බව ද ඒ මොහාතේ මේජර් ජනරාල් ශවීන්ද්‍ර සිල්වාට දැනුම් දී තිබේ.

එහෙත් ඒ සමඟම ශ්‍රී ලංකා රජයට එහි මූලික පිටපතක් ලැබුණු අතර එය මුළුමනින්ම දෝෂ සහිත එකක් බව ප්‍රකාශ කෙරිණි.

අපරාධ කාරයෙකුට වුවත් තමන් පිළිබඳව නඩු තීන්දු ලබාදීමට පෙර තමන්ගේ අවසන් ප්‍රකාශය නිකුත් කිරීමට ද අවස්ථාවක් ලබාදිය යුතු බවද එම ප්‍රකාශනයේ සඳහන් විය. එ.ජා. මහලේකම්වරයා එවැනි අවස්ථාවක් ලබාදීමට අපොහොසත් වී ඇති බවද එහි සඳහන්ය.