ජගත් තානාපතිවරුන්ට ඇත්ත කතාවේ සාක්‌කි මූන් ගෙතූ බොරුව අතේම පත්තුවෙයි!

Spread the News

ජගත් තානාපතිවරුන්ට ඇත්ත කතාවේ සාක්‌කි
මූන් ගෙතූ බොරුව අතේම පත්තුවෙයි!

source link:

කීර්ති වර්ණකුලසූරිය

බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩල වාර්තාවෙන් නඟා ඇති යුද අපරාධ චෝදනා මුළුමනින්ම ගොතන ලද්දක්‌ බවට සාක්‍ෂි සහ සාධක සහිතව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සිටින සියලුම විදේශ තානාපතිවරුන් හමුවේ සනාථ කිරීමට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කටයුතු යොදා ඇත.

කොටි සංවිධානය පරාජය කිරීමෙන් පසු ජෙනරාල්වරයා ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ අරඹන මුල්ම මෙහෙයුම මෙය බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය. මෙහිදී වන්නි මෙහෙයුමේ අවසාන සති කිහිපයේදී “සර්චර්” නමැති නියමුවන් රහිත යානාවෙන් ලබාගත් දර්ශන සහ වීඩියෝ පට ද මෙහිදී සාධක ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය. විද්වත් මණ්‌ඩල වාර්තාවට අභියෝගයක්‌ එල්ල කරමින් ක්‍රියාත්මක වන මෙහෙයුම සඳහා ජෙනරාල්වරයා සහ එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පාලිත කොහොන මහතා දැනටමත් අදාළ කටයුතු අරඹා තිබේ.

මෙම විද්වත් මණ්‌ඩල වාර්තාවෙන් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර රෝහල් විනාශ කර ඇති බවට නඟා ඇති චෝදනාව දැඩි ලෙස හෙළා දැක ඇති මේජර් ජෙනරාල්වරයා අල්ජසීරා සහ ඉන්දීය මාධ්‍ය කණ්‌ඩායම් පවා රෝහල් ඇති ප්‍රදේශවලට රැගෙන ගොස්‌ එහි සැබෑ තත්ත්වය දැකබලා ගෙන වාර්තා කිරීමට ඉඩ සලසා දුන් අයුරු දක්‌වන වීඩියෝ පටයක්‌ ද සාක්‍ෂි ලෙස යොමු කිරීමට ද තීරණය කර ඇත.

වන්නි මෙහෙයුමේ අවසන් සති කීපය තුළ කොටි සංවිධානය ක්‍රියා කළ අයුරු දැක්‌වෙන සාක්‍ෂි රැසක්‌ තමා සතුව ඇති බව මේජර් ජෙනරාල්වරයා විසින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ සිටින විදේශ තානාපතිවරුන් වෙත දන්වා තිබේ.

මේ අතර විද්වත් මණ්‌ඩල වාර්තාවේ පිටපතක්‌ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයක්‌ විසින් පෘතුගාල තානාපතිවරයාට ලබාදීමේ සිද්ධිය ගැන ද තොරතුරු හෙළිවී ඇත.

මෙකී විද්වත් මණ්‌ඩලයේ වාර්තාවට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ තානාපතිවරු රැසක්‌ම ශ්‍රී ලංකාවට සහාය දක්‌වන බව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයන් අමතමින් පවසා තිබේ.