මෙම සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ “මට ඒ වෙලාවේ කේන්ති ගියා. මම කතා කරලා ඔහුව පැත්තකට ඇදැන් ගියා මම කනේ පාරක් ගැහුවා ඒක ඇත්ත”.
“අදාළ පැමිණිල්ල කිරීමට පොලිසියට ගිය පහර කෑ තැනැත්තාට පොලිසිය නිලධාරින් පවසා ඇත්තේම අවස්ථාවේ දී ස්ථානාධිපතිවරයා නොමැති බැවින් පසු දින ඇවිත් පැමිණිලි කරන ලෙසය.”
මේ මාධ්‍ය විසින් පළ කරන ලද ආකාරය ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 63 වන ව්‍යවස්ථා ප්‍රකාරව මන්ත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට ප්‍රථම පාර්ලිමේන්තුව ඉදිරියෙහි දිය යුතු නිළ ප්‍රතිඥාව හෝ දිවුරුම වන
“…….. වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට/ ගෞරව බහුමානයෙන් යුත්තව ප්‍රතිඥා දෙමි/දිවුරුම් දෙමි” යන ප්‍රතිඥාව හා දිවුරුම සහ අත්සන් කළ යුතු ය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලව කටයුතු කරන බවට දිවුරුම් දීමත්,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාවේ “කිසිම තැනෑත්ත්කු වද හිංසාවලට හෝ කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුත්තේය.”
යනුවෙන් ව්‍යව්ස්ථා කර ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට සහ අනුගමනය කරන බවට කළ දිවුරුම උල්ලංඝනය කළ බව රාජ්‍ය ආමාත්‍ය්වරයා පිළිගෙන ඇත.
“අදාළ පැමිණිල්ල කිරීමට පොලිසියට ගිය පහර කෑ තැනැත්තාට පොලිසිය නිලධාරින් පවසා ඇත්තේ ඒ අවස්ථාවේ දී ස්ථානාධිපතිවරයා නොමැති බැවින් පසු දින ඇවිත් පැමිණිලි කරන ලෙසය.”
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍ය්වස්ථවෙහි;
“නීතිය පසිඳලීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේ ය.”
යන ව්‍යවස්ථාව කර ඇත්තේ ය. මාධ්‍ය වාර්තා අනුව පොලීසිය තම සේවාවට අයත් නිසි ගාස්තුව ද බලහත්කාරයෙන් අහිමි වූ, පහර කෑ පුද්ගලයාගේ පැමිණිල්ල භාර නොගත්තේ නම් “නීතියේ රැකවරණය” සලසා ගන්නේ කෙසේ ද?
මෙය බලවත් මූලික මිනිස් අයිතිවාකම් උල්ලංඝනය කිරීමක් නොවන්නේ ද?
පහරදීම දණ්ඩ නීති සංග්‍රහයට අනුව අපරාධමය වරදකි. පහර කෑ පුද්ගලයා ඒ පහර කෑමෙන් වූ ශාරීරික තුවාල හෝ අභ්‍යන්තරික ශරීර අබල දුබල වීම් ද සැලකිල්ලට ගත යුතුය. ඔහුට වූ මානසික බලපෑම, අවමන් සහගත සැලකිල්ල ද ඔහු විසින් රාජ්‍ය අමාත්‍යවරයාට කළ සේවයට අයවිය යුතු රුපියල් දහසක මුදලින් රුපියල් තුන්සියයක මුල්‍යමය වටිනාකම බලහත්කාරයෙන් නොදී හැරීමෙන් වූ අලාභ කිරීම යන මේ සියල්ල අපරාධමය සහ මෙය රාජ්‍ය බලය ලත් පුද්ගලයකු විසින් කරන ලද බැවින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීම් ලෙස පෙනී යනවා ඇත.
1948 මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය 5වන වගන්තිය
“කිසිම පුද්ගලයකු වධ හිංසාවට හෝ කෲර, අමානුෂික පහත් සැළකිල්ලකට හෝ දඬුවමකට හෝ භාජනය නොකළ යුතුය”
සම්මත කර පියවර ගෙන ඇත.
1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මූතයේ 7වන වගන්තියෙහි
“ කිසිම පුද්ගලයෙකු වධ හිංසා වලට හෝ කෲර අමානුසික හෝ පහත් සැළකීමකට හෝ දඩුවමකට හෝ භාජන නොකළ යුතු ය. විශේෂයෙන්ම ඔහුගේ ස්වාධීන අනුමැතිය නොමැතිව වෛද්‍ය හෝ විද්‍යානුකූල අත්හදා බැලීම්වලට භාජන නොකළ යුතු ය.”
සම්මත කර වධ හිංසා වැළක්වීමට පියවරගෙන ඇත.
එක්සත් ජාතින් විසින් සම්මත කළ වධ දීම හා අනෙකුත් කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුතිය ශ්‍රී ලංකා රජය 1984 දී අත්සන් කිරීම හා පසුව එයි ප්‍රතිපාදනයන් ආශ්‍රයෙන්
“1994 අංක 22 වධ දීම හා අනෙකුත් කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුති පනත” පාර්ලිමේන්‍තුව විසින් සම්මත කර ගන්නා ලදී.
එකී පනත යටතේ වධ හිංසාවට වරදකරුවකු වීමට එම වධ හිංසාව පහත අයුරින් සිදුකල තිබිය යුතුය.
•අදාල පුද්ගලයා පිලිබද හෝ තුන්වැනි පාර්ශවය පිළිබද තොරතුරක් හෝ පාපොච්චාරනයක් ලබා ගැනීමග
- අදාල පුද්ගලයා හෝ තුන්වැනි පාර්ශවය විසින් කළ ක්‍රියාවට දඩුවම් කිරීම.
- අදාල පුද්ගලයාට හෝ තුන්වැනි පාර්ශවීය පුද්ගලයකු තර්ජනය කර බිය වැද්දිමෙන් එකඟ කර ගැනීම සදහා
මෙම පනතේ 2 (1) වන වගන්තිය “වෙනත් යම් තැනැත්තෙකුට වධ දෙන යම් තැනැත්තෙකු මේ පනත යටතේ වරදකට වරදකරු විය යුතු ය.”
(2) (1) උප වගන්තිය යටතේ වූ වරදක්-
(අ) සිදු කිරීමට තැත්කරන;
(ආ) සිදු කිරීමට ආධර හා අනුබල දෙන;
(ඇ) සිදු කිරීමට කුමන්ත්‍රණය කරන
තැනැත්තෙකු මේ පනත යටතේ වරදකට වරදකරු විය යුතු ය.”
මේ පනතේ 2 (4) උප වගන්තියෙහි
“ මේ පනත යටතේ වරදකට වරදකරු වන තැනැත්තෙකු මහාධිකරණය විසින් නඩු විභාගයකින් පසුව වරද කරු කරනු ලැබූ විට අවුරුදු හතකට නොඅඩු සහ අවුරුදු දහයකට නොවැඩි කාලයක් දෙආකාරයකින් එක් ආකාරයකින් බන්ධනාගාර ගත කරනු ලැබීම්ට සහ රුපියල් දසදහසකට නොඅඩු සහ රුපියල් පනස්දහසකට නොවැඩි දඩයකට යටත් විය යුතු ය.”
යනුවෙන් පනවා ඇත.
ආරියතිලක
2024.05.17