අපේ රට අපරාද රාජ්‍යක් කියා මොවුන් ප්‍රචාරය් කරන්නේ කාගේඋවමනාවටද ?
මෙයට පිළිතුර……………
කොමියුනිස්ට්වාදයෙන්, සැබෑ රණවිරුවා වෙන් කොට හදුනා ගන්නේ කෙසේ ද?
සෙබළ සැමරුම’ හෝ ‘රණවිරු සැමරුම’ ලෙස අභිමත ආකාරයකින් හැඳින්වීම සාධාරණ ද?
ආරියතිලක
2026.05.19
“සෙබළ සැමරුම’ හෝ ‘රණවිරු සැමරුම’ ලෙස කුමන නමකින් හැඳින්වුවද, සැබවින්ම සිදුකරනු ලබන්නේ යුද්ධය වෙනුවෙන් මියගිය මිනිසුන් සැමරීමක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන පනාගොඩ මහතා ප්‍රකාශ කළේය.”
ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) කොමියුනිස්ට්වාදී දේශපාලන පක්ෂයකි. ජවිපෙ ප්‍රධාන දේශපාලන ධාරාව වශයෙන් ක්‍රියා කරන ජාතික ජන බලවේගය පක්ෂය ද ජවිපෙ ක්‍රියාකාරිත්වයෙන් වෙනස් මාර්ගයක ගමන් නො කරයි.
කොමියුනිස්ට්වාදී දේශපාලනය ස්ථීර ලෙස ම කොමියුනිස්ට්වාදී නො වන(කොමියුනිස්ට් පක්ෂ රතු හමුදාවක් නො වන) ලෝකයේ ඇති අන්‍ය සියලු රාජ්‍ය පාලන හමුදා සලකන්නේ ධනේශ්වර රාජ්‍යය ආරක්ෂා කරන, කොමියුනිස්ට්වාදීන්ට සපුරා සතුරු හමුදා ජුන්ටාවන් ලෙස ය. කොමියුනිට්වාදය එම හමුදා හදුන්වන්නෙ ධනපතියන්ගේ කුලී හමුදා ලෙස ය. ලෝකයේ කොමියුනිස්ට්වාදීන්ට, ආයුධ සංනද්ධ කැරළි මගින් රාජ්‍ය පැහැර ගෙන කොමියුනිස්ට් රජ්‍යයන්
ස්ථාපිත කිරීමට නො හැකි වූ ප්‍රධානත ම බාධකය නම් ඒ ඒ රටවල වීරෝධාර රාජ්‍ය හමුදා විසින් ඒ ඒ රාජ්‍ය ආරක්ෂා කිරන ලද නිසාවෙනි.. ජනතා විමුක්ති පෙරමුණ සහ ජවිපෙට සම්බන්ධ සියලු දේශපාලන පක්ෂ, සංවිධාන, ශිෂ්‍ය, කාන්තා, කම්කරු ආදී සියලු සංවිධාන කොමියුනිස්ට්වාදී දේශපාලන රාමුවෙන් පිට කිසිදු රාජ්‍ය හමුදාවක් න්‍යායාත්මකව පිළිගන්නවා කියනවා නම් එය සත්‍යයක් නොවන බව කිව යුතු ය.
කාල් මාක්ස්, පෙඩ්රික් එංගල්ස්, වී. අයි. ලෙනින්, ලියෝන් ට්‍රොස්කි, ආනස්ටො චේ ගුවේරා, මාඕ සේතුං, ආදී සියලු කොමියුනිස්ට්වාදී න්යායාචාර්යවරු කොමියුනිස්ට්වාදී නො වන කිසිදු හමුදාවක් තම දේශපාලන ව්‍යාපාරයට වැද්ද නො ගත යුතු බව අවධාරණය කොට ඇත්තාහ. හේතුව කොමියුනිස්ට්වාදයට විරුද්ධව ප්‍රති විප්ලවය ඇති වීමට එය නිසක ලෙස බලපාන බැවිනි. සැම විට කොමියුනිස්ට් විප්ලවවාදී හමුදා වලින් පිටස්තර සියලු රාජ්‍ය හුමුදා හා ආයුධ සංනද්ධ කණ්ඩායම් ( පැරා මිලිටරි) කොමියුනිස්ට්වාදීන්ගේ පරම හතුරන් ලෙස කොමියුනිස්ට්වාදීහු සලකති. කොමියුනිස්ට්වාදීන් ලෝක ඉතිහාසයේ පැවැති හා දැනට ඇති කොමියුනිස්ට්වාදී විප්ලව හමුදා වලින් පිටස්තර අන්‍ය හමුදා සතුරු හමුදා ලෙස සලකන අතර ධනපතියන්ගේ පැවත්ම ආරක්ෂා කරන හමුදා ජුන්ටාවන් ලෙස සලකයි. එම සියලු හමුදා විශේෂයෙන් ඒ ඒ රටවල සර්ව සම්පූරණයෙන් ම විනාශ කර නො දමන තුරු කොමියුනිස්ට් රාජය ඇති කිරීම අසීරු බව කොමියුනිස්ට්වාදීන්ගේ ඉගැන්වීම ය. ඒ හේතුවෙන් පවතින
රාජ්යා ආරක්ෂක හමුදා දියකර හැරීම, කොමියුනිස්ට් සංනද්ධ කැරළි මර්දනය කිරීමේදී සිදු වූ ක්‍රියා හේතුවෙන් එම හමුදාවන් මනූෂ්‍ය ඝාතකයන් ලෙස, වදකාගාරයන් පැවැත්වූවන් ලෙස, චෝදනා කිරීමට රාජ්‍ය විරෝධි කොමියුනිස්වාදීහු ක්‍රියා කරත්. චෝදනා කරත්.
රටක හමුදා දෙයාකාරය ය. එනම්;-
1. රාජ්‍යයේ නිළ ආරක්ෂක හමුදා,
2. රාජ්‍යට සතුරු, රාජ්‍ය බලය පැහැර ගැනීමට, රාජ්‍ය භූමියෙහි අවම වශයෙන් කොටසක හෝ රාජ්‍ය ආඥා බලය සිඳ බිඳ දැමීමට ක්‍රියා කරන ආයුධ ගත් සංන්ද්ධ ක්‍රියාකාරකම්වල යෙදෙන්නන්;
මොවුන් නිළ හමුදාවක් ලෙස නො සැලකුව ද හමුදාමය බලය ක්රියාවේ යොදවන බැවින් හමුදාමය ක්‍රියාකාරිත්වය ඇතියෝ ය.
පොදුවේ රාජ්‍යයට සතුරු බැවින් ත්රස්තවාදීහු ලෙස හදුන්වත්. රාජද්‍රෝහීන් ලෙස සලකත්.
ලෝකයේ මේ ත්‍රස්තවාදී හමුදා විවිධ වෙති. එසේ වුවත් අරමුණ එකකි. එනම්, භූමියේ ස්වාධිපත්‍යයයේ බලය නැති වන ලෙස, පවතින් රාජ්‍යයට විරුද්ධව සටන් කිරීම ය. ස්වාධිපත්‍යය නම් භූමිය සතු පරම්පරා උරුම ය. භූමියේ පරම්පරා උරුමය ඇත්තහුට, අයිතිය උදුරාගත්තවුන්ට එරෙහිව සටන් කිරීමට හිමිකමක් ඇත්තාහ.
කොමියුනිස්ට්වාදීන්, රාජ්‍යයක ස්වාධිපත්‍යය පිළිගන්නේ නැත. ඔවුන් ඒ සියල්ල දකින්නේ ධනේශ්වර සූරාකන්නගේ බලය ලෙස ය. එම ස්වාධිපත්‍යයයේ බලය පැහැර ගැනීම, නීත්‍යානුකූල රාජ්‍යය බලහත්කාරයෙන් අල්ල ගැනීම, ඒ සඳහා සංන්ද්ධ කැරළි ඇති කිරීම වැරදි ලෙස දකින්නේ නැත.ඔවුන් පිළිගන්නා එක ම රාජ්‍ය ක්‍රමය නම් කොමියුනිස්ට් රාජ්‍ය බලය පමණ ය.
1948 නිදහස ලැබූ පසු ශ්‍රී ලංකා භූමියේ රාජ්‍යයට විරුද්ධ කැරළි තුනක්(3) ක් ඇති විය. එනම්;-
1. 1971 ජනතා විමුක්ති පෙරමුණ කැරල්ල,
2. 1987/88/98 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල,
3. දෙමළ බෙදුම්වාදි කොටි සංවිධානය විසින් ඇති කර සංනද්ධ කැරැල්ල.
මේ කැරළි ත්‍රිත්වය ම අභිප්‍රාය වූයේ, නීත්‍යානුකූල රාජ්‍යය විරුද්ධව කරන ලද අනීතික හමුදාමය සංනද්ධ ක්‍රියාකාරකම් ය. රාජ්‍යට විරුද්ධ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ය. ශ්‍රී ලංකා භූමියේ දේශපූරණත්වය උල්ලංඝනය කිරීමට කරන ලද සටන් හා ක්‍රියාකාරකම් ය. රාජ්‍ය සම්පූර්ණයෙන් ම පැහැර ගැනීමට හෝ රටෙන් කොටසක් බෙදා වෙන් කරන, භෞමික අඛණ්ඩතාවය අහෝසි වන ලෙස ක්‍රියා කිරීමට ය.
යුද්ධයකදී සටන්බිම දෙයාකාර බෙදීමක් තිබේ. මිය යන හා මිය ගිය අයගේ ද දෙයාකාර බෙදීමක් ඇත.
1. නීත්‍යානුකූල රාජ්‍ය ආරක්ෂා කිරීමට සටන් වදින යුද පෙරමුණ,
2. නීත්‍යානුකූල රාජ්‍යයට ද්‍රෝහී ලෙස සටන් වදින යුද පෙරමුණ
ලෙස සටන්බිම දෙයාකාර ය.
මේ යුද පෙරමුණු දෙකෙහි ම සටන් වැද මිය යන හා මිය ගිය පිරිස ද දෙයාකාර ය.
1. නීත්‍යානුකූල රාජ්‍ය ආරක්ෂා කිරීමට සටන් වැද මිය ගිය හා මිය යන ආරක්ෂක හමුදා පිරිස;
2. නීත්‍යානුකූල රාජ්‍යයට ද්‍රෝහී ලෙස සටන් වැද මියගිය හා මිය යන කැරළි සංවිධානයන්හි සාමාජික පිරිස;
මෙම සතරාකාර පිරිස අතරින් දෙවන පිරිස් දෙක වන
“2. නීත්‍යානුකූල රාජ්‍යයට ද්‍රෝහී ලෙස සටන් වදින යුද පෙරමුණ”
“2. නීත්‍යානුකූල රාජ්‍යයට ද්‍රෝහී ලෙස සටන් වැද මියගිය හා මිය යන කැරළි සංවිධානයන්හි සාමාජික පිරිස;”
යන පිරිස් නීත්‍යානුකූල රාජ්‍යයට ද්‍රෝහී, ජනතා පරමාධිපත්‍යයේ බලයට ද්‍රෝහී, අය බව කිව යුතු ය.
නීත්‍යානුකූල නිල හමුදා සමඟ ත්රස්තවාදීන් ලෙස යුද්ධ කර මිය ගිය සැම රාජද්රෝහීහු වෙති. ජනතා පරමාධිපත්‍යයයේ ද්‍රෝහීහු වෙති. කිසි ලෙසකින් යුද්ධයේදී මිය ගිය සැම එක ම ජනතා පරමාධිපත්‍ය හමුවේ එක ම පිරිසක් නො වේ. රාජ්යයට් දෝහී කම් කර මියගිය පිරිස රාජ්‍යද්‍රෝහීන් බව කිව යුතු ය. හේතුව සාධාරණ නීත්‍යානුකූල රටවැසියාගේ අයිතිවාසිකම් උදුරා ගැනීමට ආයුධ අතට ගත් හා කැරළි ගැසූ කිසිවෙකු වීරයන් නො වන නිසාවෙනි.
“1. 1971 ජනතා විමුක්ති පෙරමුණ කැරල්ල,
2. 1987/88/98 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ල,
3. දෙමළ බෙදුම්වාදි කොටි සංවිධානය විසින් ඇති කර සංනද්ධ කැරැල්ල.”
යන කැරළි තුනේදී මිය ගිය කිසිවෙක් වීරයන් නො වන බව කිව යුතු ය. කැරළි තුන පිළිවෙළින් “බක් මහ විරුවන්” “ඉල් මහ විරුවන්” “ මහ විරුවන්” ලෙස රාජ්‍ය ද්‍රෝහී සැමරුම් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ද කිව යුතු ය. රාජද්‍රෝහී ක්‍රියා කළවුන් සැමරීම ජීවත්ව සිටින අයට එම සංකල්ප සම්ප්‍රේෂණය කිරීමකි. දිරි ගැන්වීමකි. හෙවත් දේශපූරණතය උල්ලංඝනය කිරීමට, රාජ්‍යයට විරුද්ධ මතවාද නැවත උස්සන්න කර රාජ්‍ය පැහැර ගැනීමට හෝ
බෙදුම්වාදයට හෝ ගමන් කිරීමට සංකල්පීය දිරි දීමකි. ආයුධ සංනද්ධ කැරළි අනුමත කිරීමකි.
ජාතික ජන බලවේග පක්ෂයේ
අරුන පනාගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ;
“සෙබළ සැමරුම’ හෝ ‘රණවිරු සැමරුම’ ලෙස කුමන නමකින් හැඳින්වුව ද, සැබවින්ම සිදුකරනු ලබන්නේ යුද්ධය වෙනුවෙන් මියගිය මිනිසුන් සැමරීමක් බව ” කීම නිවැරදිදැයි විමසා බැලිය යුතු ය.
මෙම ප්‍රකාශයේ කොටස් දෙකක් ඇත. එය මෙසේ ය;
1. සෙබළ සැමරුම’ හෝ ‘රණවිරු සැමරුම’ ලෙස කුමන නමකින් හැඳින්වුව ද,
2. සැබවින්ම සිදුකරනු ලබන්නේ යුද්ධය වෙනුවෙන් මියගිය මිනිසුන් සැමරීමක් බව ”
කැරලි තුනකින් රට ආරක්ෂා කිරීමට, ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට තම ජීවිතය පිදීම නිකම්ම නිකම් සෙබල මරණයක් ද? යුද, ගුවන් ,නාවික, හා පොලිස් හමුදාවේ සිටින සෙබළු විවිධ හේතු නිසා මිය යති. බෙදුම්වාදී කොටි ත්රස්තවාදීන් සමඟ කළ, අතිශය සංකීර්ණ යුද්ධයේදී දිවි පිදීම “සෙබළ මරණයක්” ලෙස ලඝු කළ නො හැක. එසේ කිරීමට උත්සාහ කිරීම, අතිශයින් නින්දිත ය. රටේ ඒකීය භාවය වෙනුවෙන් යුද වැදුනු හා දිවි පිදූ, යුද, ගුවන්, නාවික, පොලිස්, හා සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින්, සැබැවින් ම වීරෝදාර රණවිරුවන් ම බව කිව යුතු ය. දිවි පිදූ එකී රණවිරුවන්ට “ සෙබළ සැමරුම” ලෙස කරන ප්‍රකාශ, යුද්ධයෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන්ට කරන අවමානයක් බව නො කියා ම බැරි ය. ඔවුන් පරිත්‍යාග කළේ, මාතෘ භූමියේ හා තම රට වැසියාගේ අනාගත පැවැත්ම උදෙසා, තමන්ගේ වටිනා ජීවිතය බව අමතක කිරීම කොතරම් යුක්ති සහගත ද?
අරුන පනාගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ;
සැබවින්ම සිදුකරනු ලබන්නේ යුද්ධය වෙනුවෙන් මියගිය මිනිසුන් සැමරීමක් බව ” යයි කීම
“ යුද්ධය වෙනුවෙන් මියගිය මිනිසුන් සැමරීමක් බව ” ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීමකි. යුද්ධයේදී මියගියේ ආරක්ෂක හමුදා සාමාජිකයින් පමණක් නො වේ. දෙමළ බෙදුම්වාදී කොටිත්රස්තවාදීහු ද මිය ගියහ. නමුත් ඔවුන් සියලු දෙනා නීත්‍යානුකූල රාජ්‍යයට විරුද්ධව ආයුධ අතට ගත් ත්රස්තවාදීහු වෙති. රාජ්‍යය බෙදා වෙන් කිරීමට යුද වෙදුනාහු වෙති. “ යුද්ධය වෙනුවෙන් මියගිය මිනිසුන් සැමරීමක් බව ” යයි කියා ත්රස්තවාදීන් ද විරුවන් ලෙස සැමරීම සාධාරණීය කිරීමකි. මෙයින් නො කියා කියන තවත් දෙයක් ඇත. ඒ නම් 1971 හා 1987/88/89 ජනතා විමුක්ති කැරළි දෙකෙහිදී මිය ගිය සාමාජිකයන් ද විරුවන් ලෙස සැමරීම සුදුසු යයි සමාජ ගත කිරීමක් බව නො වන්නේ ද?
කොමියුනිස්ට්වාදීන්ට යුද, ගුවන්, නාවික, පොලිස් හමුදා හා සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් රණවිරුවන් ලෙස නො පෙනෙන්නේ මන් ද?
කොමියුනිස්ට්වාදීන්ට ඇති ප්‍රධානත ම සතුරන්ගෙන් එක් පිරිසක් වන්නේ, කොමියුනිස්ට් නො වන රාජ්‍යයේ, පවතින් ආරක්ෂක හමුදාවන් බව කිව යුතු ය. ජවිපෙ 1971 කැරැල්ලෙන් හා ජවිපෙ 1987/ 88/89 කැරැල්ලෙන් ශ්‍රී ලංකා රජය පැහැර ගැනීමට නො හැකි වූයේ, එවකට සේවය කළ, එම සංනද්ධ කැරැළි දෙකට නො බියව මුහුණ දුන්, විරෝදාර යුද්ධ හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා, පොලිස් හමුදා, හා සියලු ආරක්ෂක සේනා සාමාජිකයන් නිසාවෙනි. ජවිපෙ සංනද්ධ කැරැළි දෙක මර්දනය කළේ, ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක හමුදාවන් වේ. එදා කැරැළි දෙකෙහිදී එම කැරැළි දෙක ආරක්ෂක හමුදා මර්දනය නොකළේ නම්, අද මේ රට කොමියුනිස්ට්වාදීන්ගේ පාලනයට යටත් රාජ්‍යකි. ජවිපෙ සංනද්ධ කැරැළි දෙක මරදනය කළ වීරෝදාර රණවිරුවන්, රණවිරුවන් වශයෙන් පෙනීමට වඩා, 71 කැරැල්ලේ මිය ගිය පුද්ගලයින්ට “බක් මහ විරුවන්” ලෙස ද 87/88/89 කැරැල්ලේ දී මිය ගිය පුද්ගලයින්ට “ ඉල් මහ විරුවන්” ලෙස ද පෙනීමට හේතුව වන්නෙ, අත්නොහරින කොමියුනිස්ට්වාදී දේශපාලන දර්ශනය නිසාවෙනි.
ආණ්ඩුක්ර ව්‍යවස්ථාවේ 4 වන උපලේඛණයෙහී වූ දිවුරුම මත, රාජ්‍යයට විරුද්ධ ත්රස්තවාදීන්ට සම අයිතිවාසිකම් ලැබෙන පරිද කතා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැකියාවක් ඇද්ද යන්න විමසීම ද වටී.
තවත් කිවයුත්තක් ද ඇත;
කොමියුනිස්ට්වාදයෙන් තොර බෙදුන්වාදී ත්රස්තවාදීහු හා බෙදුම්වාදී හිතෛෂී ඩයස්පෝරාව ද ලංකාණ්ඩුවේ ආරක්ෂක හමුදාවන්ට චෝදනා කරති. ඔවුන් මෙමගින් උත්සාහ කරන්නේ “රාජ්‍ය ආරක්ෂක හමුදා වැරදි ය. තම ත්‍රස්ත කණ්ඩායම් නිවැරැදිය” යි කියා ජනමත්යක් ගොඩ නැගීමට ය. අන්‍ය රාජ්‍යන්ට හා ජ්‍යාතන්තර සංවිධානවලට ඒත්තු ගැන්වීමට ය. කොටි බෙදුම්වාදී ත්රස්තවාදීන් පරාජයට පත් කළ ආරක්ෂ හමුදා නිවැරැදි යැයි කියා කිසිසේත් බෙදිම්වාදී ත්රස්තවාදීන් හා ඔවුන්ට හිතෛෂී කොටි ඩයස්පෝරාව පිළිගන්නේ නැත. ජවිපෙ හා කොටිත්රතවාදීන්ගේ දේශපාලන ආරමුණ දෙකක් වුව ද ඔවුන් දෙගොල්ලන්ගේ ම සටනේදී සතුරා එකෙක් ම ය ඒ ශ්‍රී ලංකා රාජ්‍යයේ ආරක්ෂක හමුදාවන් ය.
ජවිපෙ, 1971 කැරැල්ල පරාද වුයේ ද 1987/88/89 කැරැල්ල පරාද වූයේ ද ශ්‍රී ලංකා රාජ්‍යයේ ආරක්ෂක හමුදා නිසා ය. ඔවුන්ගේ සටන ද කැරැළි ද ක්‍රියාකාරකම් ද සෘජුව ආරක්ෂක හමුදා ඉලක්ක කර ගෙන ය. එම සටන් ගරීල්ලා ක්‍රමයට ද දියත් කළහ.
දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ බෙදුම්වාදී කැරැල්ල පරාදවූයේ ශ්‍රී ලංකා රාජ්‍යයේ ආරක්ෂක හමුදා නිසා ය.
මේ හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ 1971/ 1987/88/88 කැරළි දෙක පරාද වීමෙන් හා බෙදුම්වාදී කොටි සංවිධානයේ පරම සතුරා ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක හමුදාවන් ය. දැනට ජවිපෙ ප්‍රධාන කොටගත් ජාතික ජන බලවේගය පක්ෂය රජ්‍ය බලයට පත් වී තිබේ., දැනට ලංකා රාජ්‍යයේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ම පැවැතිනුයේ වත්මන් ආරක්ෂක හමුදා සන්තකයේ ය. මේ තිබෙන ආරක්ෂක හමුදා එදා ජවිපෙ කැරළි දෙක මර්දනය කළ ආරක්ෂක හමුදා මිස, ජවිපෙ සිතැඟි පරිදි මෙයහෙවීමට සමත් කොමියුනිස්ට් රතු හමුදාවක් නො වේ. මේ හේතුවෙන් ජවිපෙ සාමාජිකයන් ඔවුන්ගේ කොමියුනිස්ට් සිහිනය සැබෑ කර ගැනීමට නම් මේ වත්මන ආරක්ෂ හමුදා පිහිටාධාර වේ යැයි නො සළකත. එසේ නම් කළ යුත්තේ කුමක් ද? වත්මන් පවතින ආරක්ෂ හමුදා, විශේෂයෙන් හමුද පොලිස් බුද්ධි අංශ සේවාවන්හි ව්‍යූහය ඔවුන්ගේ සිතැඟි ඉෂ්ටවන ආකාරයට අඩපණ කළ යුතු ය. එයට සමගාමමීව ජවිපෙ සාමාජිකයන්ගෙන් ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට ද බඳවා ගත යුතු ය රාජ්‍ය බුද්ධි අංශවලට තම සාමාජිකයන් පත් කර ගත යුතු ය. ආරක්ෂ අංශවල ඉහළ පාපාලනාධිකාරියට කොමියුනිස්ට් ක්‍රමයට පක්ෂ නිළධාරීන් පත් කර ගැනීමට ක්‍රියා කිරීම කොමියුනිස්ට් පාලනයකට යාමේ අංග ලෙස කිව හැකි ය. සෝවියට් රුසියාවේ නායක වී අයි ලෙනින්ගේ පාලනයෙන් පසු ජෝසෆ් ස්ටාලින් විසින් සිය බලය තහවුරු ජර ගෙන, මෙය මැනවින් ක්රියාවේ යෙදවී ය.
සමස්තයක් ලෙස ගත කළ කොමියුනිස්ට්වාදීන්ට හා බෙදුම්වාදී කොටි ඩයස්පෝරාවට යන් දෙපිරිසට ම ඇති පොදු හතුරා නම් වත්මන් රාජ්‍ය ආරක්ෂක හමුදාවන් ය ඔවුන්ගේ ශක්තිය ද්රර්වල කිරීමට සෑම උත්සාහයක් ම ගන්නවා සේව වත්මන් ආරක්ෂක හමුදාවනන්ට එල්ලවන කැරළි මර්දන චෝදනා පිටු දැකීමට මේ දෙපිරිසම ක්‍රියා නො කරනු ඇත. එපමණක් නො වේ; ඔවුන් දෙගොල්ලන්ගේ ම පොදු සතුරා දුර්වල කිරීමට සෑම ක්‍රියාමාර්ගයක් ම ගන්නවා ඇත; එහි මුල් අදියර ආරක්ෂක හමුදාවන්ට කරන චෝදනා හා අවලාදයන් ය. එය බෙදුම්වාදී ඩයස්පෝරාව මැනවින් ජාත්‍යන්තරයෙහි කරන විට මෙරට කොමියුනිස්ට්වාදීන් එය යටි සිතින් සතුටු වී එකඟ නො වේ යැයි කාට නම් කිව හැකි ද? එයට සමගාමීව කොටි ඩයස්පෝරාව සමඟ එකට නො පවතී යැයි කිව හැකි ද?

