Spread the News

අලුත් අන්තරේ බැසිල්ගේ කියන මල්වානේ නිවසට  බලහත්කාරයෙන් පැන අල්ලාගනී..

ආරියතිලක
2026.05.14

මල්වාන ප්‍රදේශයේ සුපිරි නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන්, හා අක්කර 15 පමණ මෙම ඉඩම සහිත දේපොළවලට,
බැසිල් රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයාට සහ කෝටිපති ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් යන අයට විරුද්ධව,ගම්පහ මහාධිකරණයෙහි නඩු පවරා තිබිණි. එම නඩුව පවරා තිබුණේ මුදල් විශුද්ධිකරණය යටතේ ය. මෙම නඩුව දීර්ඝ කාලයක් තිස්සේ විභාගයට ගැනීමෙන් අනතුරුව ගම්පහ පූර්වගාමී මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා විසින් මෙම නඩුවේ තීන්දුව 2022 ජුනි 03 වෙනි දින ප්‍රකාශයට පත්කරන ලදී. එම තීන්දු ප්‍රකාරව බැසිල් රාජපක්ෂ හා කෝටිපති ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් නිදොස් කොට නිදහස් කෙරෙණි.


මෙම ඉඩමට නීත්‍යානුකූල හිමිකරුවෙකු නොමැති වීම නිසා එය අධිකරණ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබුණි.

අක්කර 15 ක පමණ, හිමිකරුවෙකු නොමැති මෙම ඉඩම හා එහි වූ නිවස වෙන්දේසි කරන ලෙස අධිකරණය නියෝග කර තිබුණි. පසු ගිය අරගල සමයේදී මෙම නිවස ගිනි තැබීමෙන්, එහි කොටසකට හානි සිදු විය.

දැන් පැන නගින ප්‍රශ්නය වන්නේ, අධිකරණ නියෝගයකින් අධිකරණ අමාත්‍යංශය යටතට පත් කර ඇති දේපොළකට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණඩලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් හෝ වෙන යම් කවරෙකු හෝ බලහත් කාරයෙන් ඇතුලු වූයේ කෙසේ ද යන්න ය. මෙය අධිකරණ නියෝගයට කරන ලද අපහාසයක් වනවා ඇත. මෙය අධිකරණය හෑල්ලුවට පත් කිරීම මෙන් ම අධිකරණයට කරන ද බලවත් අපහාසයක් බව කිව යුතු ය. අධිකරණ යනු ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ කොටසකි. ආණ්ඩුක්‍රම ව්‍යවසථාවේ 3 වන හා 4 වන ව්‍යවස්ථාවලින් කියවෙන ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට සෘජුව ම කරන ලද අනීතික බලහත්කාර කමක් ද වනවා ඇත.

එබැවින් මෙම දේපොළ ඇතුලතට අයුතු ලෙස ඇතුල් වී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මෙයට සම්බන්ධ වූවන්ට තරාතිරමක නො බලා නීතිය ක්‍රියාත්මක කිරීම ඇවැසි ය. එසේ නො වන්නේ නම් නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කරනවා යයි වත්මන් ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයට පෙර ජනතාවට දෙන ලද ප්‍රතිඥාව පුස්සක් වනවා ඇත. එසේ ම ජනතා පරමාධිපත්‍ය බලය හෑල්ලු කිරීමක් ද වනවා ඇත.

Protected by Security by CleanTalk