National Odit Office
Spread the News

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

ශ්‍රී ලංකා රජය ලබා ගත් විදේශ ණය මුදලක් ගෙවීම සඳහා 2023 වසරේදී ඩොලර් එකක් ලබා ගෙන ඇත්තේ රුපියල් 524.6050ක විදේශ විනිමය අනුපාතකියකට බව විගණකාධිපතිවරයා හෙළිකර ඇති බව වාර්තා වේ. 

මුදල් අමාත්‍යංශයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුලත් කර තිබෙන විගණකාධිපති නිරීක්ෂණ වාර්තාවෙන් මේ බව හෙළිකර ඇත.

එම විදේශ විනිමය අනුපාතිකය යටතේ ඇමරිකානු ඩොලර් 332,704ක් ලබා ගෙන ඇත. ඒ අනුව, එම ඩොලර් ප්‍රමාණය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රුපියල් 174,536,518ක් වැය කර තිබේ. 

නමුත් රුපියල වේගයෙන් කඩා වැටෙමින් තිබූ උපරිම අවස්ථාවේ ඩොලර් එකක් සඳහා ගෙවා තිබෙන්නේ රුපියල් 363.17කි. එම අනුපාතිකය යටතේ ඩොලර් 332,704ක් ලබා ගැනීමට වැය වන මුදල රුපියල් 120,828,111කි. 

මේ අනුව අදාළ විදේශ ණය ගෙවීමේ කටයුත්ත වෙනුවෙන් ඩොලර් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 53.7ක් (රුපියල් 53,708,407.00) වැඩිපුර වැය කරමින් මූල්‍ය අපරාධයක් සිදු කර ඇති බව හෙළිදරව් වී තිබේ.