Spread the News
The LTTE’s brutal attack on Jaya Sri Maha Bodhi

1986 ස්විස්ටර්ලන්තයේ Basel විශ්ව විද්‍යාලයේදී ජර්මනියේ මියුනික් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් Aura පිළිබඳව පැවැත්වූ දේශනයකදී මා විසින් එම මහාචාර්යවරයාට සහ දේශනයට සවන් දුන් පිරිසට බෝපත්‍රයේ හැඩය, පොළොව දෙසට යොමුවුණු තුඩ විශ්ව ශක්තිය ඇදගැනීමේ සහ සම්ප්‍රේෂණය (Transmission) කිරිමේ හැකියාව ගැන විස්තර කළ විට එම මහාචාර්යවරයා කීවේ බෝරුක්ෂය ගැන එතුමා අසා නැති නමුත් මා ඉදිරිපත් කරන තර්කය බිඳීමේ හැකියාවක් ඔහුට නැති නිසා එහි සත්‍යයක් තිබිය හැකි බවයි.

වර්තමාන ලංකාව දැනුම අතින් මොනතරම් පිරිහී ඇත්ද කිවහොත් අනාගත ලංකාව පාලනය කිරීමට තමන්ට ඇති හැකියාව ගැන වහසි බස් දොඩන ජවිපෙ නායකයෙක් වන නලින් හේවගේ වැන්නකු ප්‍රසිද්ධියේම කියා සිටියේ බෝ ගස යනු කිසිම වැඩකට නැති ගසක් කියායි.

යම්කිසි හෙයකින් සිද්ධාර්ථ බුදු වීමේ අදිටනින් කොස් ගහකට පිට දුන්නේ නම් අපි කොස් කාලත් ඉවරයි කියා පැවසූ අන්දම ඇත්තෙන්ම හිරිකිතයි.

ශ්‍රී ලංකාව යනු බෞද්ධ රටක් බව පිළිගැනීමට ජනතාව අධෛර්යමත් කිරීමේ අරමුණින්
JVP/NPP නායකාරකාදීන් මේ දුෂ්ඨ ප්‍රචාරය ගෙන යන්නේ කාගේ උවමනාවකට දැයි අප විසින් වරින් වර ලියන ලද ලිපිවල මනාව පැහැදිලි කර ඇත්තෙමු.

ඉදිරි මැතිවරණ වලදී ජනතාව එළඹි සිහියෙන් කටයුතු නොකළහොත් ඉදිරියේ රට පාලනය කරන්න බලාපොරොත්තු වෙන පිරිස බෝගස් ගස් දරට යොදා ගැනීම නොකළහොත් මම පුදුම වෙමි.

-තෙවැනි ඇස-
22.07.2024