Spread the News

මේ තුන්දෙනාගෙන් මා හොඳට දන්නේ ජයම්පතිව.

ජයම්පති රනිල් සමග හැපෙන නිසා, මේ මැතිවරණ සමයේ බොහෝ දෙනකුට ජයම්පති වීරයෙක් සේ පෙනෙන්නට පුළුවන්.

ජයම්පති කියන්නේ පල්ලියෙ ඉත්තෙක්.

මහින්ද රාජපක්ෂව එළවා මෛත්‍රිපාල සිරිසේනව රජ කරවන්නත්, මෛත්‍රී- රනිල් අශුද්ධ සන්ධානයකින් ඊනියා යහපාලනයක් ගොඩනැගීමට ව්‍යවස්ථාව සකස් කරන්න ජයම්පතිට කොන්ත්‍රාත්තුව ලැබෙන්නේ කතෝලික පල්ලියෙන්.

ජයම්පතිට ලැබුණු කොන්ත්‍රාත්තුව සවිස්ටර්ලන්තයේ මෙන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් සකස් කිරීමයි.

පල්ලිය විසින් ඒ සඳහා ඔහුට ස්විට්සර්ලන්තයේ  වාසය කරන ශ්‍රී ලාංකික කතෝලික පවුලක් හඳුන්වා දෙනවා. එම පවුලේ බෑනාවන්නේ කොටි සංවිධානයට සම්බන්ධ තරුණයෙක්. ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ ඔහු පසුපස ලුහුබඳිමින් සිටිද්දී මේ කියන “සිංහල” පවුලේත් සහාය ඇතිව ස්විට්සර්ලන්තයට පැනගත්තා.

එම පවුල මා හඳුනන නිසා දුරකථනය ඔස්සේ ඔවුන් මා හට ජයම්පතිව හඳුන්වා දුන්නා.

ඔහු ස්විට්සර්ලන්තයට පැමිණි හේතුව විමසූ විට ඔහු මා හට කීවේ නිවාඩුවක් ගත කිරීම සඳහා එහි පැමිණි බවයි.
ඒ අතරතුර ඔහුගේ පශ්චාත් උපාධි පර්යේෂණ සඳහා වෙහෙසෙන බවයි.

ඔහු සත්‍ය සඟවා කතා කළේ ශ්‍රී ලංකාවට මොනයම් හෝ ගිනි ගෙඩියක් දෙන්න බව මට ඉවෙන් මෙන් තේරුණා. මේ ආකාරයට ඔහු තුන් වතාවක් පමණ සුවිස්ටර්ලන්තයට පැමිණ මේ ද්‍රෝහී වැඩපිළිවෙලේ නියැලී සිටියා.

උතුරේ බෙදුම්වාදීන්ට වාසිදායක වන අන්දමින් ෆෙඩරල් ක්‍රමයකට ලංකාව හැරවීම සඳහා ජයම්පතිට කොන්ත්‍රාත්තුවක්දී
ඒ සඳහා ඉඳුම්හිටුම් වියදම් සෑම දෙයක්ම ස්විට්සර්ලන්තයේ වසන සිංහල-දෙමළ කොටි සංවිධානයට සම්බන්ධ පවුල හරහා පල්ලිය විසින් දරනු ලැබුවා.

ඔහු විසින් ලියන ලද ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රටට පැහැදිලි කිරීමක් කරද්දී ඔහු අවධාරණයෙන් කියා සිටියේ ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය ඉවත්කොටවෙනිදාට සංශෝධනය කර බුදු දහමට ඇති පිළිගැනීම නැති කළ යුතු බවයි.

JVP/NPP කියන්නෙත් ඒ කතාවම තමයි.
මේ කණ්ඩායම පිටුපස සිටින්නේ කාදිනල් මැල්කම් රන්ජිත් බව දන්නේ රටේ ස්වල්ප දෙනෙක් පමණයි.

ශ්‍රී ලංකාව මකර කටේ බව ජනතාවට දැනගත හැකි වන්නේ මකරයාගේ කුස තුළ සිට බව කණගාටුවෙන් වුවත් ප්‍රකාශ කළ යුතුව තිබෙනවා.

-තෙවැනි ඇස-
27.07.2024