Spread the News

ඉකොනොමැට්ටා නම් ආරූඪ නමකින්
අන්තර්ජාලයට මුදාහැර තිබූ ලිපියක අන්තර්ගතය අළාලා
පහත සඳහන් සටහන තැබීමට අදහස් කළා.

ලේඛකයා හැකි තරම් උත්සාහ කර තිබෙනවා තමන්ගේ විග්‍රහය අපක්ෂපාති පදනමක් මත සිදුකළ බව පාඨකයාට ඒත්කු ගැන්වීමට.

එහි අන්තර්ගතයටත් වඩා භාෂාව හසුරුවන ආකාරයෙන් ඔහු යම් කිසි සාර්ථකත්වයක් පෙන්නුම් කළද යථාර්ථය මෙය නොවේ.

ශ්‍රී ලංකා සමස්ත දේශපාලන ක්‍රියාවලියේ බොහෝ දෙනෙක් නොදකින සැඟවුණු පැත්ත දකින්න මෙම ලේඛකයාත් අපොහොසත් වී තිබෙනවා.

ජාත්‍යන්තරයේ බලපෑම මේ අතර ප්‍රබල සාධකයක්.
ලේඛකයා එක්කෝ එය හිතාමතාම මගහැර තිබෙනවා.
එසේ නැත්නම් ජාත්‍යන්තර බලපෑම ගැන කතා කළහොත් ඔහුගේ උප විඥානයේ සිටින ජනාධිපති තරඟයේ ජයග්‍රහකයාට අවාසියක් සිදුවිය හැකි යැයි ඔහුට සිතුනා වෙන්න පුළුවන්.

IMF පදයට නටන්න රනිල් චර්යාචාර්මිකව බැඳී ඉන්නවා නොව, දැනට තමා ළඟ ඇති බලය වැඩිදුරටත් තහවුරු කර ගැනීමේ දැවැන්ත අභියෝගයකට ඔහු මුහුණ දෙමින් සිටිනවා. IMF ආර්ථික කොන්දේසි පමණක් නොව කලාපයේ  භූ දේශපාලන සාධක කෙනෙකුට පහසුවෙන් අවතක්සේරු කරන්න බෑ.

ශ්‍රී ලංකාවට අනාගතයේදී දැවැන්ත ප්‍රශ්නයක් විය හැකි 13 වෙන සංශෝධනය අඩු තරමින් පොලිස් සහ ඉඩම් බලතල සහිතව හෝ ක්‍රියාත්මක කිරීමට  දැනට පෙරමුණේ සිටින ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාම බැඳී සිටින්නේ චර්යාධාර්මිකව නොව ඔවුන්ගේ ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීමටයි.

එහි ඇති ද්‍රෝහී ස්වභාවය තේරුම් ගැනීමට තරම් ශ්‍රී ලාංකික ඡන්ද දායකයින්ට මේ වනතුරුත් නොහැකිවීම
රටේ අනාගතය සම්බන්ධයෙන් බැලූ විට ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්.

-තෙවැනි ඇස-
28.07.2024