Spread the News
Image nexttravelsrilanka

බලනු නුඹ පුත නුඹෙ වටපිට නුඹට ජීවය  දුන් මවුන් දෙස

යොමනුමැන නුඹ නුඹෙ නෙත සිත නුඹෙ ආදර පියානන් වෙත

නොඇසුනානමි පුදුමයකි නුඹ හට උන් නැගූ ඒ මහා රණගොස

නෙපිපුනානමි පුදුමයකි හිරිගඩු නිවටයෙකි නොව නුඹ මෙ මහා දෙරණට

දෝරගලනා නීල දියකද හමායයි බුදු පතුල සිඹ සිඹ

පිරුනු මල් ඵල රගන බිගුකැල නෙතට ගෙනදෙයි අමා රසවිත

දාගැබද පන්සල වැවද වටකොට නිබද මැව‍නා තවුතිසා වත

කුමට වැනුමන් වනන්නෙමු අප අන් බිමක් ස්වර්ගයක් විලසට

හෙලයනම් එඩිතරයි නිරතුරු වනේ සරනා සරනා සිංහයකු ලෙස

නිවටයන් නූපදියි මේ.. බිම නිරන්තරයෙන් හඩාවැටුමට

දීනකම  නුහුරුයි අපහට සදාවීරැවන් වු පෙලපතක

වරෙව් හෙලයිනි නිදානොචැටී වැටී දගලන බිමෙහි රැකුමට

වෛද්‍ය ධම්මික විජේරත්න.

2 thoughts on “හෙලයනම් එඩිතරයි නිරතුරු වනේ සරනා සරනා සිංහයකු ලෙස”

Comments are closed.