Spread the News

1977 රෝහණ විජේවීර සිරබාරයෙන් නිදහස් වූ පසු කොළඹ නගර සභා පිටියේ පැවැත්වූ රැස්වීමේදී පළ කළ පහත සඳහන් ප්‍රකාශය තුළ ඊනියා රාජ්‍යයන්, ආගමික හෝ සමාජ සංවිධානවල නමේ ඇති ප්‍රතිවිරෝධය පැහැදිලි වෙනවා.

විජේවීරට අනුව “ශුද්ධ වූ රෝම අධිරාජ්‍යය” ශුද්ධත් නැති රෝමත් නැති අධිරාජ්‍යයකුත් නැති හුදු මනෝභාවයක්.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු බලය ලබා ගැනීමට ඉදිරිපත් වූ පක්ෂ අතර එක්සත් ජාතික පක්ෂයේ ඔය කියන එක්සත් කමක් තිබුණේ නෑ.
ලංකා සම සමාජ පක්ෂයේ නිර්ධන පංති කම්කරුවන් මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයන් සිටියා.
1871 පැරිස් කොමියුන් අර්ථය උකහාගෙන සෝවියට් දේශය හරහා ජාත්‍යන්තරයට ගලා ආ “කොමියුනිස්ට්” සංකල්පය ශ්‍රී ලංකාව තුළ තනිකරම විහිළුවක් බවට පත්වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රිංගා ගත් සිංහල බෞද්ධ විරෝධී පිරිස් පිලිප් ගුණවර්ධන මහතාව කුමන්ත්‍රණයක් හරහා සාර්ථක ලෙස නෙරපා හැර
ඊට පසුව බණ්ඩාරනායක මහතාවත් ඝාතනය කළා.
පෑගුණු ජනතාව නිදහස් කරගන්නවා තබා රට බාධාවකින් තොරව පාලනය කිරීමට තරම් නිදහසක්වත් බණ්ඩාරනායක මහතාට ලැබුණේ නැහැ.

රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කළත්, ජනතාවට විමුක්තිය දෙනවා තබා තමාගේ ජීවිතය වත් ආරක්ෂා කර ගැනීමට බැරි වුණා.

විජේවීරගේ සිහිනයවූ “ජනතා විමුක්තිය” තවදුරටත් දේශපාලන යථාර්ථයක් වේ නම්,
ඊට “ජාතික ජන බලවේගය” නැමැති කිහිළිකරුවක් අවශ්‍ය වේද?

මේ නිදසුන් කිහිපයක් පමණයි.

-තෙවැනි ඇස-
08.08.2024