Spread the News

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලනය කියන්නේ වැසිකිළි වලක්. එහි තියෙන්නේ මඩ නොව අසූචි.
මේ වැසිකිළිය සාදා ඇත්තේ දශක ගණනාවකට උඩදී. ඒ වන විට npp බබා ඉපදිලා නොහිටියත්, jvp සහෝදර සහෝදරියෝ කැත කරන්න පාවිච්චි කළෙත් ඔය වලම තමයි.

දැන් ඔවුන් ගඳ නැති වැසිකිළියක් තැනීම ගැන කතා කරනවා. අදහස නම් පංකාදුයි.

එදා ජවිපෙ අය රාජපක්ෂලා ප්‍රේමදාසලා වික්‍රමසිංහලා ලෝකයේ තියෙන අන්තිම ජරා දේවල් බුද්ධිමින් මළ පහ කළ වැසිකිලිය ගඳ ගසන බව හදිසියේ දැනුනේ කලින් ගඳ සුවඳ හඳුනන නහයක් නොතිබුණු නිසාද?
දේශපාලනේදී මඩ සහ අසූචි වෙනත් රටවල් වල භාවිතා නොවුනත් ශ්‍රී ලංකාව තුළ මඩ ප්‍රහාර සහ අසූචි ප්‍රහාරවලින් තොර දේශපාලනයක් නිර්මාණය කර ගැනීමට ජවිපෙට තිබුණු අවස්ථා මගහැරුනේ ජවිපේ නායකයොත් මෙතෙක් රට පාලනය කළ නායකයින් කෑ දේවල්ම අනුභව කරමින් එකම වැසිකිළිය පාවිච්චි කළ නිසා විය යුතුයි.

“පොදු වැසිකිළිය” කියා පුවරුවක් සවිකලද, ඡන්දදායකයින්ට ඒ වැසිකිළිය පාවිච්චි කිරීම තහනම් වී තිබුණි.
දැන් ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටිනවා npp එක ගඳ නොගහන වැසිකිලියක් සාදා දෙනකම්.
හැබැයි සත්‍යය නම්, වැසිකිළියක් නැති කම නොව කන්න දෙයක් නොමැතිකමයි.
ජවිපෙට බැරි නම් npp එක හෝ ඉදිරිපත්ව සියල්ලටම කලින් උදේ ආහාර නොගෙන පාසැල් යන 6 ලක්ෂයක දරුවන්ට කුසට ආහාරයක් ලබා දෙන්න.
වැසිකිළි අවශ්‍ය වන්නේ ඊට පසුවයි.

-තෙවැනි ඇස-
13.08.2024