Spread the News

බ්‍රාහ්මණ පුන නූල හෙවත් ජාතික ජන බලවේගය පුනරුදය:

ඇත්ත ඇති සැටියෙන් දකින්න හැකිවීමත් එය නිර්භයව ප්‍රකාශ කරන්න ඉදිරිපත්වීමත් කඩා වැටුණු රටක් නැවත ගොඩනැංවීමට අත්‍යවශ්‍යයෙන්ම වැදගත් පූර්ව කොන්දේසියක්.

උගතුන්ට වඩා පාතාලයින් බිහිකළ දේශපාලන සංස්කෘතියක් තුළ විනාශයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.

ජවිපය හෝ ජන බලය තමන්ගේ හැකියාව පෙන්වන්න උත්සාහ කරන්නේ කටේ හයියෙන් නැතිනම් මාංශ පේශී වලින්.

එවැනි ලක්ෂණ අයත් වන්නේ ප්‍රාග් ඓතිහාසික දඩයම් යුගවලට.

රටට සැබැවින්ම ආදරය කරන මිනිසුන් යෑමට අදහස් කරන සාම්ප්‍රදායික අතීතය රතු සහෝදරයින් ශ්‍රී ලාංකික සමාජය ගෙන යෑමට උත්සාහ කරන චිරස්තීන ගල් යුගයට බෙහෙවින්ම වෙනස් බව පළල් ජනතාව එළඹි සිහියෙන් අවබෝධ කරගත යුතුව ඇත.

“පුනරුදය” කියන ගැඹුරු අර්ථය වෛශ්‍යා වෘත්තියේ යොදනවා මිස ජාතික ජන බලවේගයට ඊට වැඩි යමක් කළ නොහැක.

ආරම්භයේදී ජවිපෙ කීවේ ඔවුන් විකල්පය බවයි.

අනන්‍යතාවය සඟවාගෙන වරක් ජනාධිපතිවරණයට
ඉදිරිපත් වූ ජවිපෙ සාමාජිකයෙකුට මා දුන් උපදෙස වූයේ තමන් විකල්පය බව නොකියා විසඳුම බව කියන ලෙසයි.

එදා සිට ජවිපෙ රතු සහෝදරයන් විකල්ප කතාව අත්හැර “කෝකටත් තෛලය” ලෙස මාළිමාව එකම විසඳුම බව කියන්න පටන් ගත්තා.
එම සංකල්පය ඕනවට වඩා පට්ට ගැසූ නිසා දැන් “පුනරුදයක්” ගැන කතා කරනවා.

පුනරුදය (පුනර්+ උදය) යනු යළි උදාවීමක්.  යලි උදාවීමට නම් හිරු උදාවී නැවත බැස යා යුතුයි.

නැවත උපදින්නා මියගිය අයත් නොවෙයි අලුත් කෙනෙකුත් නොවෙයි (න ච සො, න ච අඤ්ඤෝ) කියා
පහදා දුන්නේ බුදුන් වහන්සේයි.

අවර ගිරෙන් බැස ගිය හිරු නැවත උදාගිරෙන් පායා එන්නේ බැස ගිය හිරු ලෙසම නොවෙයි. සෑම දිනකම එය අලුත් හිරක්.

දේශපාලනයේදී සිදුවිය යුත්තේත් මෙම ක්‍රියාදාමයයි.

බැස යාමට ආසන්න හිරු ප්‍රචණ්ඩත්වයෙන් හීන වුවත් හෙට දිනයේ පායන මම තොප හැම දෙනාම දවාහළු කරන්නෙමි කියා අස්තංගත වන්නාක් මෙන් මහා මැතිවරණයකින් පසු බලයට අවුත් “අපට එරෙහිවන හැම එකාම කකුල් කෙටියෙන් අල්ලා සක්වල ගලේ ගසන්නෙමු” කියන උදවියට “පුනරුදයකට” අයිතිවාසිකම් කීමට සදාචාරාත්මක අයිතියක් නැත.

බ්‍රාහ්මණයා කියන්නේ ඔහු දෙවරක් ඉපදුන බවයි. වරක් ජීව විද්‍යාත්මක උපතයි.
දෙවන උපත පුන නූල දැමීමත් සමගයි.

නමුත් බුදුන් වහන්සේ පැහැදිලිවම පෙන්වා දුන්නා කිසිම කෙනෙක් උපතින් වසලයෙක් හෝ බමුණෙක් නොවන බව.

ජවිපෙ/ජන බලවේගයේ බමුණන් “පුනරුදය” කර තබාගෙන යන්නේ පුන නූල දමාගෙන දෙවන වරට උපන් බමුණන් ලෙසයි. පුණනූල දැම්මත් නොදැම්මත් බමුණා බමුණාමයි.

බමුණන් බමුණන් වන්නේ පුන නූල නිසා නොව ඔවුන්ගේ සමාජ විරෝධී පහත් ආකල්ප නිසයි.

ඒ නිසා මා යෝජනා කරනවා රතු සහෝදරයින්ට “පුනරුදය” පසෙක තබා තමන්ට හුරු පුරුදු පුන නූල පමණක් දමාගෙන
සටනට ඉදිරිපත් වන්න කියා.

-තෙවැනි ඇස-
14.08.2024