Spread the News

ආරියතිලක
2024.08.20


ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් ඇති කිරීමට වොෂිංටනය දරන උත්සාහය හොඳම සහ අවසාන අවස්ථාව විය හැකි බව, ඊශ්‍රායල් සංචාරයක නිරත වන  ඇමරිකානු රාජ්‍ය ලෙකම් ඇන්ටනී බ්ලින්කන් මහතා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.


Earlier on Monday, Blinken said it was a “decisive moment,” and “maybe the last” opportunity to free the hostages and secure a cease-fire.

“පෙර සඳුදා බ්ලින්කන් ප්‍රකාශ කළේ එය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර සටන් විරාමයක් තහවුරු කර ගැනීමේ “තීරණාත්මක මොහොතක්” සහ “සමහර විට අවසාන” අවස්ථාව බවයි.”


සජීවී අස්වයෙකුගේ පිටේ පුහුල් ගෙඩියක් නො වැටී තබා ගැනීම අසීරු කරුණක්; බිම පතිත නොවී තබා ගැනීම බැරි තරම්. ඒ හා සමානව මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සටන් වලින් බැහැර තබා ගැනීම අසීරු ය. ඔවුහු ඒ තරමට ම අන්තවාදී ආගමික උණ කාරයෝ ය. ඔවුන් සටන් වලින් බැහැරට ස්ථීර ලෙස ගෙන යා නොහැක්කේ ස්ලාම් ආගමික වගන්තිවලින් සටන් කිරීම අනුදැනීම කර ඇති බැවිනි. භූමියේ බලය, රාජ්‍යයේ බලය, ලබා ගැනීම ආගමික වගන්ති මත පනවා ඇති බැවිනි. මුසල්මානුවන්ගේ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුර්ආනය ස්ථීර ලෙස ම එය සනාථ කර ඇති බැවිනි. රාජ්‍ය බලය ලබාගැනීම ත් රැක ගැනීම ත් රටේ පාලනය ත් යන සියල්ල රඳා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය=කොමියුනිට්ස්වාදය, ලිබරල් වාදය, නව ලිබරල්වාදය, ආදී කිසිදු දේශපාලන න්‍යා‍යන් මත නොව ඔවුන්ගේ ශුද්ධ ආගමික ග්‍රන්ථය මත ය. ඒ සඳහා ඇවැසි සියලු මූලෝපායන් ආයුධ සංනද්ධ භාවය මුල් කර ගෙන ක්‍රියා කරත්. නීත්‍යානුකූල රාජ්‍ය ඒ වෙනුවෙන් පෙනී සිටිනවා පමනක් නොව,  නියෝජිත  proxy සටන් කරුවන් Paramilitary හට යුද්ධෝපකරණ ලබා දීම මගින් තම අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කරයි.


හමාස්, හිස්බුල්ලා ආදී සංවිධාන මුස්ලිම් රාජ්‍යවල පැරා මිලිටරි නියෝජිතproxy සංවිධාන බැවින් ඔවුන් ලෝකයේ තම ආගමික මතවාදී පාලනයකින්  බැහැර රාජ්‍ය පාලනයක් අපේක්ෂා නො කරයි. අන්‍ය දේශපාලන මතවාදී පාලන ක්‍රම මගින් යෝජනා කරන කිසිදු දේශපාලන එකඟතාවයකට හෝ සටන් විරාමයකට ඔවුන් කිසිසේත් ම අවනත නොවනු ඇත. අවනත වීමක් ‍යම් ආකාරයකින් පෙන්නුම් කළහොත් එය ද ඔවුන් එකඟ වන්නේ තමන්ට ඇති අවාසි සහගත තත්වයන්ගෙන් මිදීම පිණිස ය. ඒ අවාසි සහගත තත්වය පහ වීමත් සමඟ ඔවුන්ගේ ප්‍රකෘති “අන්තවාදී උණ”  මතු වී ක්‍රියා කරත්.


ඇමරිකානු මධ්‍යම බුදිධි ඒජන්සිය (CIA) සහ අතිශය බලවත් ඊශ්‍රායල් මොසාඩ් බුද්ධි අංශය (මෝසාඩ්) යන බුද්ධි අංශ මැදපෙරදිග ආගමික අන්තවාදී ත්‍රස්ත සංවිධාන සහ ආගමික අන්තවාදී ත්‍රස්‍ර්තවාදය පෝෂණය කරන  රාජ්‍ය ගැන දීර්ඝ කාලයක පටන් තොරතුරු එක්රැස් කිරීම, අධ්‍යනය කිරීම, සිදු කරත්. හමාස්, හිස්බුල්ලා, හවුති, අල්කයිඩා ආදී ලොකු කුඩා සියලු ආගමික ත්‍රස්ත සංවිධානයන් පිළිබඳව පූර්ණ වශයෙන් බුද්ධි තොරතුරු එක් රැස් කිරීම,  වඩාත් අවදානම් සංවිධාන ගැන සෑම මොහොතකම ඒ පිළිබඳ තාක්ෂණික මෙවලම් වලින් නිරීක්ෂණය කිරීම ද කරත්. එබැවින් මේ ආගමික ත්‍රස්ත සංවිධාන සහ එම සංවිධානවල අදහස් වලට සමගාමී ආගමික අදහස් දරණ මැද පෙරදිග කලාපීය රාජ්‍ය පමණක් නොව අනෙකුත් කලාපවල ද ඇති ඒ ආකාර සංවිධාන සහ රාජ්‍ය ගැන මනා අවබෝධයක් ද ඇමරිකානු මධ්‍යම බුදිධි ඒජන්සිය (CIA) සහ අතිශය බලවත් ඊශ්‍රායල් මොසාඩ් බුද්ධි අංශයට ද ඇත. ඔවුන්ගේ නිරීක්ෂණයට අනුව ආගමික  ත්‍රස්ත සංවිධාන කාලයක (මෑත කාලය විශේෂයෙන්) පටන් ඉරානය කේන්ද්‍ර කර ගෙන දියත් වන බව දකිත්. එසේත් නැතිනම් කවදා හෝ ඉරානයේ සහාය ඔවුන්ට ලබා දෙන බව සහතික වශයෙන් නො දැකීමට හේතු නැත.


මේ බැව් හොඳින් දන්නා හමාස් සමඟ සටන් විරාමයකට යන ලෙස දෙපාර්ශවයට ම බලකර ඇත. සටන් විරාමයන්ට  එකඟ නො වීම හෝ සටන් විරාමය කැඩීම යන දෙකම ත්‍රස්ත සංවිධානවලට හෝ ඒ ත්‍රස්ත සංවිධානයවලට උපකාරක ඉරානය , ලෙබනනය, සිරියාව ආදී රටවලට යුදමය වශයෙන් පහර දීමට ඇමරිකාව සහ ඊශ්‍රායලය මඟ පාදා ගන්නවා ඇත.  සාධාරණ හේතුවක් ලෝකයට පෙන්වීමට සොයන උපක්‍රමයක් ලෙස සටන් විරාම සාකඡා පිළිබඳව අපගේ අදහස ය.


ඉරානයට  ප්‍රහාර එල්ල කිරීම සාධාරණීකරණය කර ගැනීමෙන් අන් සියලු රාජ්‍ය වලින්, මානව හිමිකම් කඩකිරීමෙන් ඇති වූ කරුණු මුල්කර ගෙන චෝදනා නගත්. කුමන ආකාරයකින් හෝ ඉරානයේ  යුද අවි නිෂ්පාදනය සහ ගබඩා කර ඇති යුධ අවි වැනසීම, විශේෂයෙන් න්‍යෂටික ක්‍රියා බලගන්වන ස්ථාන වනසා දැමීමේ ආභිප්‍රාය ඇමරිකාවට නො වනවායයි නො සිතිය හැක.  එසේ වනසා නො දැමුවොත් ඉරානය සතු අවි සහ අවි නිෂ්පාදන කර්මාන්ත ශාලාවල ඕනෑම අවස්ථාවක තම රටට යුද්ධායුධ  නිපදවීම කරනවා ඇත. එය, ඉරානය සතු අවි, ගබඩාවල තව තවත්  පිරී යනවා ඇත. ඒ අවි ඉරානයට හිතවත් ත්‍රස්ත කල්ලිවලට ඉරානය විසින් ලබා දීමට හේතු ය.


ඇමරිකාව විසින් ඉරාකයට පහර දිම ද, උපක්‍රමමිකව සිදු  කරන ලදී. රසායන අවි ඇතයයි කියා ඉරාකයට  පහර  දීම කරත් එය සාධාරණ යැයි ලෙස කරුණු දැක්විණි.


ඒ ලෙස ඊශ්‍රායලය සහ විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදය  ඉරානයට පහදීමට පිඹුරු පත් සකස් කර චෝදනවෙන් නිදහස්ව අවස්ථාවක් ගැනීමට මඟ පාදා ගන්නවා ඇත. නේටෝ රටවල සහාය (තුර්කිය හැර) ඇමරිකාවට සහ ඊශ්‍රායලයට ලැබෙනවා ඇත.


මෙවැනි අවස්ථාවක ඉරානය හෝ හිස්බුල්ලා සංවිධානය හෝ කුමන අයෙක් විසින් හෝ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම මගින් එය ඉරානයට පහර දීම සාධාරණීය ලෙස පෙන්වනවා ඇත.


නේටෝ  අයුධ රුසියාවේ අභ්‍යන්තර භූමිවලට  තව දුරටත් පහර දීම දිගින් දිගට ම (යුක්‍රේනය විසින්)  සිදු කරනවා ඇත. රුසියාව තම දේශීය යුද භූමියෙන් පිටස්තරව ඉරානයට උපකාරට ඒම බොහෝ දුරට එ මඟින් ඇහිරී යනවා ඇත. රුසියාවට ඩ්‍රොන යානා , මිසයිල ලබා දීමට ඇති හැකියාව ඉරානය අහිවි වීමත් රුසියාවට ද එවැනි ඇහිරීමකට පාදක වන ලෙස නේටෝ ආයුද යොදා යුක්‍රේනය රුසියාවේ අභ්‍යන්තරයට තව තවත් ප්‍රහාර දියත් කරනු ඇත. එය රුසියාව සහ ඉරානය යන දෙරටටම හානිකාරී ලෙස බලපානවා ඇත.a