Spread the News

මෙවර චන්දයෙන් පසු ඔවුන් විසින් අපේක්ෂා කල තම පක්ෂය බලයට නොපැමිනියොත් අනපේක්ෂිත කණ්ඩායමක් බලයට අවොත් එවැනි අවසථාවක රටින් පිටවීමට බුරුතු පිටින් මාන බලන ජනහද දිනු පිරිසක් මෙන්ම,තම ජිවිත බියට හා ආරක්ෂාවට රටින් පිටවීමට හදන පිරිසක්ද රටේ ඉන්නවා ඇති. අපි මොනවා කලත් සංසාරය විසින් ගොඩගහා ගන්නා පවු කවදා හෝ තමා වීරයෙකු වුවද, දුබලයෙකු වුවද මෙම දෙපිරිස විසින්ම දිට්ඨ ධම්ම්වෙදිනිය කර්මය ගොදුරු වීම අනිවාර්යවේ.රටේ මිනිසුන්ගේ ජිවිත කොල්ලකා චන්ද බලයෙන් බලයට එන වීරයා දැක හිස්ලුළු අත දුවන්න බලාගෙන ඉන්න මිනිසාද, නිසි නීති පද්ධතියකින් කිසිවක් නොවිමසා එල්ටි.ටි ත්‍රස්ථයන් විසින් පැවැත්තු ත්‍රස්ථ කිබුල් අධිකරණ ගැනද මතක්වී පහතින් කියවෙන මේ හොරු රැල වෙත භියක් ඇති වුවාදැයි අපි නොදනිමු.

නීති පන්සිල් රකින සමාජයක අගය නොදන්නා මෙවැනි පිරිස් පන්සිල් පද පහේ අගය කෙතරම්ද කියා වටහා ගන්නේ කවදාද?.

අප මවු රට තුල සොරකම මැරකම උතුරා යන තත්වයට පත්වී ඇති නිසා බැලු බැල්මට කවුරු කවුරුත් පොල් හොරුන් බව පහසුවෙන් හඳුනා ගත හැක. අතීතය හා වර්තමාන දේශපාලන වියදම් ගැන බලන විටත් එය මැනවින් වැටහේ. හොරු කල්ලියක් ඇල්ලීමට විවිධ දේ කියමින් පුරන් බාන කොයි කවුරුත් එම කල්ලිවලටම අයත් බව මහජනතාව හට වැටහෙන්නේ ඔවුන් ඔවුන් දේශපාලන වේදිකාවල ඇඟිල්ල දික්කරගන්නා ආකාරයෙන්මය. ඉතින් මේ මෙතනදී ඇති පුදුමය වන්නේ මේ කිසිවකටත් අදාල නැති මහජනතාවගෙන් සමහරක් මිනිස් ශරිරවල්ද කිටි කිටියේ හිටගෙන චන්ද තරගයේ යෙදී සිටීමයි.
එම පිරිස අතරින් චන්ද දායකයින් ලක්ෂ හතළිහකට වඩා පිරිසක් වැට උඩ ඉන්නබව රාජ්‍ය රහස් අංශ විසින් සොයාගෙන ඇති බවද නොරාහසකි.

ඒ කෙසේවෙතත් මේ විකි ලීක්ස් නාම ලේඛණ වීරයන් පිටුපසින් යන භොහෝ පිරිසක් තම වීරයා නැති නීති සාද අනාගතයේදී අතීතයටත් බලපාන අන්දමේ නීති ලෝකයේ ප්‍රථම වරට සදා හොරුන් හට දඩුවම් කිරීම අපේක්ෂා කරන බැවින් කුමන කාලයකදී හෝ මහජන මුදල් දේපල වංචා කොට අවභාවිත කර ඉපැයූ ධනය නැවත ගැනීමේ පියවර ගත හැකි බැවින් එම මනොරුපය චිත්ත සංසිද්ධියක් වී මතුවී භිය වීම තුලින් අපටද කෙලවේ යන භියක් සියුම්ව ඇතිවී ඇති බව පහත පණිවිඩ හුවමාරුවකදී මාධ්‍යය උකුසු ඇසට හමුවුණි.

පසුගිය සමයේදී රට වැසියන් කථා කල කියුපරිදි ”මාලිමාව දිනුවොත්” යන කතිකාව තුළ ”මාලිමාව” වෙත ආරෝපණය කර ඇති හෝ ආරෝපණය වී ඇති සදාචාරමය ජවය ඉදිරියේදී පදනම් වන්නේ ඔවුන්ට එරෙහි පිරිසට පමණක් නොව තමන් වෙතද යන ප්‍රස්තුතය අතින් ගත් යම්කිසි ”වෛද්‍ය” කණ්ඩායමක් විසින් අනෙකුත් වෛද්‍ය වරයන් වෙත පහත පණිවිඩ යොමුකොට තිබේ. මෙම පණිවිඩයට මාලිමා පක්ෂය විසින් යැවූ එකක් නොව නමුත් මලිමාවට උදවු උපකාර කරනවා යැයි පෙනී සිටින වෛද්‍ය වෘත්තීක කණ්ඩායමක් විසින් එකී නෙකා අතර හුවමාරු පණිවිඩයකි.නමුත් මෙහි සදහන් පක්ෂයේ නායකයන්ට පමණක් නොව අනිකුත් පක්ෂවලත් රහසේ බැඳී දෙපිට කාට්ටුවන් හඳුනා ගැනීමට ඉතා ප්‍රයෝජනවත් වේ.

අළුයට ගිනි මෙන් ඇති මේ මැර හොරකම් කලාව හුදු දේශ පාලන ”උපකාරක කලාවකින්” වසාගැනීමේ මිථ්‍යාව තුරන් කිරීමට, සත්‍යය මතු කිරීමට එමගින් මඟින් මහජනයා දැනුවත් කිරීම නියම ලේඛකයෙකුගේ වගකීමය වන්නේය එය එසේවන නිසා පහත 12 ස් වැදෑරුම හෙළිකල වෛද්‍ය නිරුවත ! නමින් ලියු වාක්‍ය කණ්ඩ දෙස තීක්ෂණව බලන මෙන් ඉල්ලමි.

නිරුවත් වූ වෛද්‍ය වෘත්තීය !

………“මෙවර මාලිමාව වෙනුවෙන් ප්‍රසිද්ධියේ කර දිය ඇඳි දිනපතා පෙනී සිටි දොස්තර මහත්වරුන්ගේ දොළොස් වැදෑරුම් ලිපය හා එයට පිළිතුරැ පහතින්….

1)නියමිත වේලාවටම රාජකාරියට වාර්තා කරයි.

දිගුව; මේ දක්වා ඔවුන් නියමිත වෙලාවට සේවයට වාර්තා කොට නැත.

2)නියමිත මොහොතට රෝහලෙන් පිටව යයි.

දිගුව; මේ දක්වා ඔවුන් නියමිත කාලයට පෙර රෝහලින් පිටව ගොස් ඇත.

3)Extra Duty සදහා මුදල් ලියා ඉල්ලා සිටිනුයේ ඒ නිශ්චිත මොහොතේ සේවයේ යෙදුනහොත් පමණි.
දිගුව; සේවයේ නොයෙදිත් ඔවුන් මේ දක්වා අතීකාල ලෙස මුදල් ලබාගෙන ඇත.

4)නිවාඩු ලබා ගන්නේ නියමිත පටිපාටියට පමණි.

දිගුව; මේ දක්වා ඔවුන් නියමිත පටිපාටියෙන් තොරව නිවාඩු ලබාගෙන ඇත.

5)සේවා ඒකකයේ සියලු දෙනා එකවර සෑම විටම සේවයේ නියුතු වේ.Rosters නැත.

දිගුව; යම් අංශයකට වෛද්‍යවරුන් 30ක් අනුයුක්ත කොට ඇත්නම් සෑම දෙනාම ඒ කාලසීමාවේදී සේවයේ යෙදීමේ පොරොන්දුව මෙතැනදී ලබාදී ඇත. නමුත් මේ දක්වා ඔවුන් කර ඇත්තේ 30 දෙනාගෙන් කොටසක් යොදවා ඉතිරි පිරිස විවේක ගැනීමයි. එය රොස්ටර් එක කියා හැඳින්වේ. මෙතන රොස්ටර් නැහැ කියන්නේ මින් මතුවට 30 දෙනාම සේවයේ යෙදෙන බවකි.

6)සේවා සටහන් කිරීමේදී ( Diary ) සත්‍යයම පමණක් ලියයි.

දිගුව; වෛද්‍යවරයෙක් අන් ඇය මෙන් සම්මත රෙජිස්ටරයක පැමිණීම සහ පිටවීම සටහන් කරන්නේ නැත. ඔවුන්ටම ලබාදී ඇති ඩයරියේ ඒවා ලියයි. මේ හේතුව නිසා ඔහුට සේවයට පැමිණිය යුත්තේ උදෑසන 8ට වුවත් 9ට පැමිණ 8 ලෙස සටහන් තැබිය හැකිය. මොවුන් 22 දා සිට පොරොන්දු වන්නේ එවැනි ක්‍රියාවක් නොකරන බවයි. ඉන් ගම්‍ය වන්නේ මේ දක්වා ඔවුන් ඒ දේ කර ඇති බවයි.

7)Research allowances ගන්නේ ඒවා තමන්ම කළොත් පමණි.

දිගුව; මේ කියන්නේ Research allowances මෙතෙක් ගෙන ඇත්තේ Research කරලාම නොවේ කියන එකයි.

8)නිල නිවාස නීති රීති අනුවම භාවිතා කරයි , අවභාවිතා නොකරයි.

දිගුව;මෙතක් අවභාවිතා වුනු බව මින් ඇඟවේ.

9)අනෙක් සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල වලට සමව සලකයි.

10)පමිට් වාහන තම පුද්ගලික සහ රාජකාරි අවශ්‍යතා සදහා පමණක් භාවිතා කරයි ..පර්මිට් විකුණා ලාභ නොඋපයයි..

දිගුව; මින් කියන්නට යන්නේ මේ දක්වා ඒවා හොරෙන් විකුණා මුදල් කල බවකි.

11)ආදායම් බදු වංචා නොකරයි ; රජය 2023 මුල paye Tax අයකරගැනීමට තීන්දු කළ අවස්ථාවේ වර්ජන නොකර පොදු ජනතාව ගැන සිතා එයට අනුමැතිය ලබා දුනි.

දිගුව; මේ කියන්නට තටමන්නේ මෙතෙක් ඒවා වංචා කල බවකි.

12)සේවා කාලය තුල මත්පැන් , දුම්වැටි භාවිතා නොකරයි.

දිගුව; මේ කියන්නෙත් මෙතෙක් එවැනි දේ සිදුවන බවකි.
දූෂණය , වංචාව , නාස්තිය වැළැක්වීමේ පරම අරමුණින් ජවිපෙ බලයට ගෙන ඒමට කැපවන බැවින් ඉහත උදාර ලක්ෂණ වලින් යුක්තය.
( අනෙක් රාජ්‍ය සේවකයන්ටත් සුලු සංශෝධන සහිතව ගලපා බැලිය හැකි වට්ටෝරුවකි )……..######”

මාධ්‍යය පැනය:

සැප්තැම්බර් 22 ට නිත්‍ය සිල් සමාදන් වීමට බලාපොරොත්තුවෙන් සිටිනා වෛද්‍ය උවසු උවැසියන් ගේ කෙරුවාව කෙසේද යයි මෙම ලියවිල්ල ලොවටම හඬගා කියයි. !
උඩ බලාගෙන කෙල ගැසීමක් හෝ විදුරු ගෙවල් වල සිට ගල් ගැසීමක් නොකළ යුත්තේ මන්ද යන්න ගැන මේ 12 වැදෑරුම ලොවටම හොඳ අවවාදයක් ලබා දෙයි.
රට වැටී හමාරය. අපි එකිනෙකාට එහි වරද පටවයි. ඇයි තමන් කල හරිය ? ඒ ගැන කතා නොකරන්නේ ඇයි ?
මිට වූ හොඳම උදාහරණයයි ඉහත වූ ප්‍රකාශය.
වාසනාවට හෝ අවාසනාවට සැප්තැම්බර් 22 දා සිට මහා ශිල සමාදානයකට වෛද්‍යවරු සැරසෙති. ඇයි 22දා සිට ? ඇයි අද සිට සමාදන් වුවහොත් නරකද ?
ඉහත වූ දොළොස් වැදෑරුම හොඳින් අධ්‍යනය කරන්න.
උදා: නියමිත වෙලාවට වැඩට ඒමේ සිඛ පදය ඔවුන් සමාදන් වීමට යති. ඒ අද සිට නොව සැප්තැම්බර් 22දා සිටය. ඇයි අද සිට , මේ දැන්ම සිට එය සමාදන් වුවා නම් නරකද ? ඉහත වූ ශික්ෂා පදයෙන් ගම්‍ය වන්නේ මේ දක්වා කල ඔවුන්ගේ සේවයේදී ඔවුන් නිසි වෙලාවට වැඩට නොපැමිණ ඇති බවයි. ඔවුන් මේ දේ එදා ඔවුන්ගේ පළමු පත්වීම ගත් දිනයේ සිට සිතුවා නම් අද රට මිට වඩා කොපමණ ලස්සන වී තිබෙයිද ?
එදා මෙදා තුර රටට වූ විනාශයට එවිට ඔවුනුත් එවිට දායක වී නැත්ද ?
මේ බව හොඳින්ම ඔබට තහවුරු වන්නේ ඔවුන් සමාදන් වන්නට බලාපොරොත්තුවන ඉහත 12 වැදෑරුමේ 3 වන ශික්ෂා පදය දෙස විචක්ෂනව බැලීමෙනුයි.
එහි “අතීකාල ඉල්ලා සිටිනුයේ නිශ්චිතවම සේවයේ යෙදුනහොත් පමණි” යනුවෙන් සඳහන් කොට ඇත.
මෙහි ඇති බරපතලම ප්‍රකාශය සහ අපරාධය මෙයයි.
ඇයි ?
ඉන් කියවෙන්නේ මෙපමණ කලක් සේවයේ “නොයෙදිත්” ඔවුන් අතීකාල ලෙස මුදල් ලබාගෙන ඇති බවකි.
වෛද්‍යවරුන් 50,000ක් ලංකාවේ රජයේ සේවයේ යෙදේ නම් මසකට එක වෛද්‍යවරයෙක් අතීකාල ලෙස රුපියල් ලක්ෂයක් වංචා කළා නම් 50.000ක ප්‍රමාණය කරනා හොරකම….?????? ලක්ෂය වැඩිකිරීම 50.000, එනම් මසකට කෙතරම් නම් මේ රටේ මුදලක් මේ දක්වා ඔවුන් මසකට හොරෙන් ගෙන ඇත්ද ?
අතීකාල දීමනාවක් ගැනීම සර්ව සාධාරණය. නමුත් එය ගත යුත්තේ සේවයේ යෙදුනහොත් පමණි. සේවයේ නොයෙදී අතීකාල දීමනා ගැනීම තරම් හොරකමක් වෛද්‍යවරයකු වන්නකුට තවත් වේද ?
ඔවුන් මේවා නතර කරන්න යන්නේ අද සිට නොව සැප්තැම්බර් 22 දා සිටය. ඒ කියන්නේ අදද ඒ හොරකම පෙර ලෙසම සුපුරුදු ලෙස සිදුවේ යන්නයි.
ඇයි මේ මොහොතේ සිටම එය නතර කළා නම් නරකද ?
අද සිට නතර කලොත් ඔවුන්ට වස් වැටෙනවාද ?
ඉහත වූ 12 වැදෑරුම ගැනම කිව යුත්තේ මේ ටිකයි. “හොරා ! හොරා ! ඔබ කියුවාට ඔබ පළමු පත්වීමේ සිට අද දක්වා කල හොරකම ඔබ ඔය හොරා කියන්නවුන්ගේ හොරකමටත් වඩා වැඩි වුවක් නොවේයිද ?

හොර මැර කණ්ඩායම් ඇල්ලීම අනිවාර්යෙන් කල යුතු කාර්යකි ඒ සඳහා ප්‍රායෝගික පරීක්ෂණයක්ම අවශ්‍ය කෙරේ. එනම් එය කරණ ආකාරය රටේ මහජනතාව ඉදිරි ආණ්ඩු වලින් බලාපොරොත්තු වෙන දෙයකි ඔවුන් එදෙස දෙස බලා සිටි.ඔවු… විපක්ෂයේ හොරුන් පමණක් නොව තම පක්ෂය තුල ඇති හොරුත් ඇල්ලිය යුතුය .ඔවුන් (මාලිමාව හෝ වෙනත් පක්ෂයත් උනත් ) එසේ නොකළහොත් හුදෙක් වැඩසිටිනු ඇත්තේ, විපක්ෂයක් තුළ ගොඩනැගෙන ප්‍රබන්ධාත්මක පූජාසනයකි. එය, රටේ ඉදිරි ගමනට බාධාවකි.

-සංස්කාරක මෙට්‍රෝ වොච්